රජයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සතොස අලෙවිහලක මත්පැන් විකුණා ඇතැයි වාර්තාවේ.
පෙරේදා (07) සවස එසේ මත්පැන් අලෙවිකර ඇත්තේ අනුරාධපුර සතොස තුළදීය.
මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශය විසින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි වාර්තාවේ.
රජයේ සතොස ආයතනය විසින් මෙසේ මත්පැන් විකුණා ඇත්තේ, සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේ මෙරට සියළු මත්පැන් අලෙවිහල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නියෝග කර ඇති තත්වයක් තුලය.
හෝටල් 82කට මත්පැන් විකිණීමට අවසර
කෙසේවුවද මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප්‍රධාන පෙළේ හෝටල් 82කට අවසර ලබාදී තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එසේ අවසර ලබා දී ඇත්තේ මෙරට පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙනි.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල් සඳහා මත්පැන් නිකුත් කිරීමේ අවසර ලබාදී ඇති බවයි.
එසේ අවසර ලබාදී ඇති හෝටල් ලැයිස්තුව මෙසේය.
THE LEADER TV
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා!
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව