Astra Zeneca දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය වන ලක්ෂ හයක් වන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නය වැඩි අවධානයක් යොදා නියමිත කාල සීමාවක් තුළදී ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍
ය අතර සහ එය හදිසියෙන් හෝ අසාර්ථක වුවහොත් ඒ වෙනුවට කළ හැකි වෙනත් විකල්පයක් වහාම සොයා ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
 
 
මේ සඳහා පිළිගත් විද්‍යාත්මක උපදෙස් ඉතා ඉක්මනින් ලබාගත යුතු අතර, කාලය ගත වනවාත් සමඟ වෛරස නව ප්‍රභේදවලට එරෙහි ආරක්ෂාව නැතිවී ඒවා පැතිර යාමට ප්‍රථම මෙය කළ යුතුව තිබෙන බව ද එම වෛද්‍ය සංගමය එම ලිපිය මගින් අවධාරණය කර සිටියි.
 
 
එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවය. 
 
 
ජනාධිපතිවරයාට යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.
 
 
COVID 19 වසංගතය පාලනය සදහා ගත යුතු ඉදිරි පියවර :
 
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් 2021 ජූනි මස දෙවැනි දින ඔබතුමා වෙත යොමු කරන ලද වසංගත තත්වය පාලනය පිළිබඳ විස්තරාත්මක ලිපියේ සඳහන් කරුණු ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) ලෙස අප විසින්ද  අනුමත කරනු ලබන අතර අප විසින් ඔබතුමාට කරන ආයාචනයක් වනුයේ එම ලිපියේ පෙන්වා ඇති පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ අනිකුත් තීරණ ගැනීමේ කමිටු වල සිදු වූ යම් යම් ප්‍රමාද දෝෂයන් මින් ඉදිරියට ඇති නොවන ලෙස කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසටයි. 
 
 
එම ලිපියේ ඇති කරුණුවලට අමතරව තවත් කරුණු කිහිපයක් සඳහා ඔබතුමාගේ අවධානය යොමු කිරීමට අප කැමැත්තෙමු.
 
 1609330887 astrazeneca oxford vaccine 3 1
 
විකල්පයක් සොයා ගත යුතුයි:
 
 
1. Astra Zeneca දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය වන ලක්ෂ හයක් වන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නය වැඩි අවධානයක් යොදා නියමිත කාල සීමාවක් තුළදී ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය අතර සහ එය හදිසියෙන් හෝ අසාර්ථක වුවහොත් ඒ වෙනුවට කළ හැකි වෙනත් විකල්පයක්ද සොයා ගත යුතුයි. 
 
මේ සඳහා පිළිගත් විද්‍යාත්මක උපදෙස් ඉතා ඉක්මනින් ලබාගත යුතු අතර, කාලය ගත වනවාත් සමඟ වෛරස නව ප්‍රභේදවලට එරෙහි ආරක්ෂාව නැතිවී ඒවා පැතිර යාමට ප්‍රථම මෙය කළ යුතුව තිබේ.
 
 
2. ඉදිරියේ දී සැලසුම් කර ඇති අනිකුත් එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී එහි දෙවන මාත්‍රාවට අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව ලැබීමට ස්ථිර ක්‍රමයක්, ස්ථාපිත කර තැබීමෙන් අනතුරුව පළමු එන්නත් ප්‍රමාණය ලබා දීම සඳහා යොමු කරන පිරිස තීරණය කළ යුතුයි. 
 
මෙහිදී අවධාරණය කලයුතු තව කරුණක් වන්නේ මෙම ලැයිස්තු සැකසීමේදී, කොටසකට පමණක් විශේෂත්වයක් නොදක්වා සියලුම සෞඛ්‍ය සේවා සහ එයට සම්බන්ධ අයත් ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයන්ටත් ප්‍රමුඛත්වය ලබා දිමෙන් ඔවුන්ගේ සේවාවේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාර වනු ඇති බවයි.
 
 
3. විශේෂඥ වෛද්‍ය වරුන්ගේ තීරණයක් මත අවශ්‍ය වුවහොත් රෝහල්වලට වෙනත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සඳහා ලබාදීමට යම්කිසි එන්නත් ප්‍රමාණයක් රජයේ රෝහල්වලට ලබාදීම ද වැදගත් වනු ඇත.
 
 
4. එන්නත් කරණයේදී අනුගමනය කරන ක්‍රමවේදය පැහැදිලි, සාධාරණ හා විද්‍යාත්මක ක්‍රමයක් විය යුතු අතර මහජනයාගේ දැනගැනීම සඳහා එය ප්‍රසිද්ධ කළ යුතු වන්නේ එයින් මෙම ක්‍රියාව සඳහා මහජනයාගේ විශ්වාසය ඉතා උපරිමයෙන් පවත්වා ගැනීමෙන් ඔවුන් එම ක්‍රියාවට යොමු කිරීම සංයමයකින් මෙන්ම කාර්යක්ෂමවද සිදු කල හැකි වන නිසාය. 
 
 
මෙම ක්‍රියාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු අතර නීතිය හා සාමය රැකීම සඳහා අවශ්‍ය වුවහොත් කටයුතු කිරීමට පොලිසියට සහ අනිකුත් ආරක්ෂක අංශ වල සහාය සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ට නොඅඩුව ලබා දිය යුතුයි. නිරෝධායන නීති රැකීම මෙන්ම මෙම ක්‍රියාමාර්ග ද කිසිවෙකු විසින් අඩපණ නොකළ යුතුයි.
 
 
සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න
 
 
coronavirus curfew roablock sri lanka lg 
 
 
අවසාන වශයෙන් දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵල දායක වන ලෙස දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, දිනෙන් දින රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු වන ලෙස වැඩිවෙන රෝගීන් සංඛ්‍යාවෙන් සහ එම රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඔක්සිජන්  ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන බව නිරීක්ෂණය වී තිබීමෙන් සනාථ වේ.
 
 
දැනට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛණ අනුව 12%  රෝගී වර්ධනයක් හා 28% ක මරණ වර්ධනයක් පසුගිය සතිය තුළ වාර්තා වී ඇති අතර එය අපගේ දැඩි කනස්සල්ලට හේතු වන්නේ සොඛ්‍ය අංශවල ප්‍රතිකාර කිරීමේ හැකියාව  මෙයින් තවදුරටත් සීමා වන බැවිනි. මෙය තව දුරටත් වර්ධනය වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදයකට ලක් වීම වැළැක්වීමට  නොහැකිය.
 
     
මෙම කරුණු සියල්ල සලකා බලා ඉදිරියේදී අවශ්‍ය කරන තීරණ ගැනීමට ඔබතුමාට සහය වීමට, අප හා  අනිකුත් මේ සම්බන්ධ විද්වත් විශේෂඥවරුන්ගේ එකමුතුවකින් ඔබතුමා හමුවී සාකච්ඡා කිරීමට අපට අවස්ථාවක් සලසා දෙන ලෙස මෙන් ඉල්ලා සිටිමු. 
 
Latter 1 2021.06.08
 AMS latter 2021
 

 
THE LEADER TV 
 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්