ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් මැතිව් යසිරු කුරුවිට ජුනි 09 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබා දුන්නද,
ඔහුට පීසීආර් පරීක්ෂණයක් කර නොමැති බව පවසමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඔහු නිදහස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත.
 
 
මේ පිළිබඳ අදහස් දැක් වූ රජිව් කුරුවිටගේ සමීප මිත්‍රයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ ප්‍රකාශ කළේ රජිව් මැතිව්ට පෞද්ගලික අංශයෙන් පීසීආර් පරීක්ෂණයක් කිරීමට ඉල්ලීම් කළත්, ඒ සඳහා ඉඩ ලබා නොදී තවදුරටත් ඔහු රඳවා තබා ගැනීමට උත්සාහ කරන බවය.
 
  
රජීව් මැතිව්ට එරෙහි චෝදනා ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිගණක අපරාධ පනත යටතේ වූ වැරදි ඔහු කර නැති බව මහේස්ත්‍රාත්වරයා කියා තිබුණි. ඔහු රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර හෝ එවැන්නකට සම්බන්ධ වී නොමැති නම් එම චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා කියා තිබුණි.
 
 
එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ හැකි වෙනත් වරදක් හඳුනාගැනීමට පරීක්ෂණ සිදු කරන තෙක් ඇප ලබා නොදෙන ලෙසය. එසේ කිරීමට නොහැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් ඔහුට නියම කර තිබුණි.
 
 
පැහැදිලිව ම පළිගැනීමක් !
 
 
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජුනි 07 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් චිරන්ත අමරසිංහ ප්‍රකාශ කළේ, මෙම අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් බව පැහැදිලිව පෙනී යන බවය. 
 
 
ජුනි 07 වැනිදා ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ වරෙන්තුවක් පවා නොතිබුණු බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශයේ තිබුණු චෝදනාවලට වඩා වෙනස් චෝදනාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය. 
 
 
මෙලෙස පරස්පර චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු පීසීආර් පරීක්ෂණයක් කිරීමට යැයි කියමින් තවදුරටත් රඳවා තබා ගැනීම පැහැදිලිව පළිගැනීමක් බව ඔහු කීය.
 
 
ජුනි 09 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව හොඳින්ම දැන සිටියදී පීසීආර් පරීක්ෂණයක් කර නොතිබීමෙන්ද එය සනාථ වන බව ඔහු ප්‍රකාශ කළේය.■
 
 
(anidda.lk/ තරිඳු උඩුවරගෙදර)
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
##########
THE LEADER TV 
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්