නිරෝධායන නිති උල්ලංඝනය කරමින් කොළඹ කොල්ලූපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප
මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ අද  නියෝග කළේය.
 
 
නිරෝධායන නිති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ඇප නියම කළ ද නිරෝධායනය සඳහා යොමු කිරීමට තමන්ට බලයක් නැතැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.
 
 
ඒ අනුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතිය මත ඔවුන් දින 14ක කාලයක් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම් දෙන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
 
 
මෙම සාදය සංවිධානය කර ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රිෆ්කි බදියුදීන් (Mohideen Rifky Badurdeen) විසිනි.
 
 
කොල්ලුපිටිය මොනාච් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් තිදෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
 
 
මෙම කණ්ඩායම පිරිමින් හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් සමන්විත වූ බව ද ඔහු සඳහන් කළේය. 
 
 
අත්අඩංගුවට ගත් විදේශිකයන්ගේ ජාතිකත්වය පොලීසිය විසින් අනාවරණය නොකළේය.
 
 
පොලිසිය එම ස්ථානය වැටලීමට පැමිණ ඇති බව වාර්තාවීමත් සමග සාදයට පැමිණ සිටි කිහිපදෙනෙකු නාන තටාකයට පැන පිහිනමින් සිට ඇති අතර ඔවුන් අත්අඩංගුවට පත්ව නොමැත. 
 
 
 
 
  
 
 
##########
 
THE LEADER TV 
 
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්