ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසුරිය මහතා නම් කර අගමැති අපේක්ෂකයා ලෙස එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස කවරකු ඉදිරිපත් කළ ද මැතිවරණ සටන ක්‍රියාත්මක වන්නේ 'මහින්ද අගමැති කරමු' යන තේමාව යටතේ බැවින්, කරු ජයසුරිය නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කර 'සජිත් අගමැති කරමු' සටන් පාඨය යටතේ මැතිවරණ සටන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔවුන් විසින් පෙන්වා දී ඇත.
කෙසේවුවද රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තබා ගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති එම සිවිල් සංවිධාන නියෝජිතයින්, එජාපයේ ව්‍යවස්ථාව සංශෝධයක් හරහා එය පහසුවෙන්ම ඉටුකළ හැකි බව පෙන්වාදී තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කිරීම බව එම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත.
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වඩාත්ම සුදුස්සා දේශපාලනයෙන් විශ්‍රාමික ගැනීමට නියමිත කරු ජයසුරිය බව පවසන එම සිවිල් සංවිධාන නියෝජිතයින්, කරු ජයසුරිය ජනාධිපති ධුරයට පත්වූ වහා විධායක ජනාධිපති ක්රමයේ ඉතිරි ටිකත් අවසන් කිරීමේ හැකියාව අවධාරණය කරති.
සජිත් වැනි ක්‍රියාකාරී තරුණ දේශපාලනඥයකු බලතල රහිත නාමික ජනාධිපති තනතුරකට පත්කිරීමට වඩා ඔහුව අගමැති ලෙස රටට පලදායක ලෙස යොදා ගතයුතු බව ඔවුන්ගේ අදහසයි.
රනිල්ගේ නායකත්වයට අභියෝගයක් නොවන යෝජනාවක් !
මෙම කාරණය සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ සිවිල් සංවිධානයක ජ්‍යෙෂ්ඨ නීතිඥයකු කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ද කරු ජයසුරිය පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද තමන්ගේ නායකත්වයට අභියෝගයක් වෙතැයි සිතා රනිල් වික්‍රමසිංහ ඊට කිසිඳු ලෙසකින් එකඟ නොවූ බවයි.
එහෙයින් මේ අවස්ථවේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට බාධාවක් නොවන ආකාරයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.
''එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියනවා, ජනාධිපති තනතුර දරන පක්ෂ සාමාජිකයා පක්ෂයේ නායකයා වියයුතුයි කියලා. එනිසා තමාගෙන් පිට පක්ෂ සාමාජිකයකු ජනාධිපති වෙනවට රනිල් එකඟ වෙන්නේ නැහැ. ඔහුට තරඟයක් දෙන්න බැරිනම් පක්ෂයට පිටින් අයකු සොයන්නේ එනිසා.
රනිල්ට ඕන පක්ෂ නායකකම. එකේ සාධාරනකමකුත් තියනවා. මොකද පසුගිය කාලයේ පක්ෂයට මොනතරම් අභියෝග ආවත් ඒවාට මුහුනදීලා පක්ෂය ආරක්ෂා කලේ එතුමා. අපි එක අමතක කරන්න හොඳ නැහැ. එතුමා මේ මොහොතේ නොසිටින්න පක්ෂය මේ වෙනකොට කැලි කැලි වලට කැඩිලා ගිහින්. ඔහුට සාධාරණයක් ඉටුවිය යුතුමයි.''
සබැඳි පුවත් :
එජාප අපේක්ෂකත්වය: රනිල්-සජිත් ගැටුම අතරේ කරුට අවස්ථාවක් !
එජාප අපේක්ෂකත්වය ගන්න කරු පාර්ශ්වයෙන් රනිල්ට කළ යෝජනාව?