ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය පාවාදීමට සුදානම් වන බවට එම පක්ෂය තුලින් මේවනවිට දැවැන්ත විරෝධයක් එල්ලවෙමින් පවතී.


අමාත්‍ය රාජිත සේනාරත්න 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' නමින් අලුත් සන්ධානයක් අටවා ගැනීමට සුදානම් වන්නේ රනිල් වික්‍රමසිංහගේ පටු අරමුණු ඉටුකර ගැනීමට බවට චෝදනා කරන ඔවුහු, ගොඩනැගීමට නියමිත අලුත් සන්ධානයට දැඩි ලෙස විරෝධය පළකර ඇත.

මෙම සන්ධානය අගෝස්තු 05දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ සඳහා අනුමැතිය ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට උදැසන 9.30ට අගමැති නිල නිවාස වන අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

එහිදී අනුමත කර ගැනීමට නියමිත සන්ධාන ව්‍යවස්ථාවේ පිටපතක් 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර එහි සඳහන් කරුණුවලට අනුව, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණ ගැනීමේ බලය පිටස්තර පාර්ශවයන්ට හිමිවේ.

 

ජනාධිපති අපේක්ෂක ගැන තීන්දුව පිටස්තරයින්ට !

'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ සඳහන් පරිදි නව සන්ධානයේ නායකත්ව මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයට සියයට 50ක් හා එක් සාමාජිකත්වයක් (50+1) හිමිවන අතර ජනාධිපති අපේක්ෂකයා තේරීම වැනි දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සියයට 70කට වැඩි ගණනකින් අනුමත විය යුතුව තිබේ.

ඒ අනුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලය අහිමිකරගෙන සිටින එජාප නායකයා, ජනාධිපති අපේක්ෂයා තේරීම එක්සත් ජාතික පක්ෂයෙන් පිටට ගෙනයාමට උත්සහ දරන බවට එජාප ජ්‍යෙෂ්ඨයින් චෝදනා කරති.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පසුගියදා පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එක හඬින් කියා සිටියේ, පළමුව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර, ඔහුගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවන ලෙසය.

කෙසේවුවද රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න ඇතුළු කිහිප දෙනෙකු එක්කර ගනිමින් සිදුකරන දේශපාලන 'විගඩමට' එරෙහිව හෙට (01) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අදහස් දැක්වීමට බොහෝ එජාප ජ්‍යෙෂ්ඨයින් සුදානමින් සිටිති.

UNP Sajith

නව සන්ධානය පිහිටුවා සජිත් ප්‍රේමදාස නොසලකා හරිමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම වික්‍රමසිංහ මහතාගේ සැලසුම වී තිබෙන්නේ යයි අනුමාන කළ හැක.

එය තවදුරටත් තහවුරු වන්නේ සජිත්ව යෝජනා වූ දිනට පසුදින දිනපතා පුවත්පත්වල ඒ පිළිබඳ පළ වූ පුවත් දෙස බැලීමේදීය. ඒවා බොහොමයක වූයේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකළ යුත්තේ, එජාපයේ නොව එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණය මත බවය.

ඒ අනුව චම්පික රණවක, රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැන්නන් පමණක් නොව, දෙමළ ජාතික සන්ධානයේ සහ සිවිල් සංවිධානවල පවා අනුමැතිය ඊට ලැබිය යුතු බව එහි හරය ලෙස අනුමාන කළ හැකිය.

 

හකීම් - රිෂාඩ් එරෙහිවේ !

මේ අතර නව සංවිධානය සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයක් ඇතිකර ගන්නා තෙක් නව සංවිධානය ප්‍රකාශයට පත් නොකරන්නැයි රවුෆ් හකීම් හා රිෂාර්ඩ් බද්දුර්දින් යන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ පලවී ඇති රනිල්-රාජිත නව සන්ධානයට අදාල ව්‍යවස්ථාවේ කෙටුම්පත පහත පළවේ.

draft constitution 1

 draft constitution 2

draft constitution 3

draft constitution 4

draft constitution 5

draft constitution 6

draft constitution 7

draft constitution 8

draft constitution 9

draft constitution 10

draft constitution 11

draft constitution 12

draft constitution 13

draft constitution 14

draft constitution 15

draft constitution 16

draft constitution 17

සබැඳි පුවත් :

එපාපෙන් අලුත් සන්ධානයක්: නායක - රනිල්, ලේකම් - රාජිත

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්