1200 x 80 DMirror
 
 

ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුනොත් රුපියලේ වටිනාකම බාල්දුවී ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවිය හැකි
බවත්, එසේම රැකියා දහස් ගණනක් අහිමි වීමේ අවධානමක් පවතින බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. 
 
මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කරගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියි.
 
ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින එජාප නායකයා,  
''රට විනාශ කරන්න එපා'' යයි ආණ්ඩුවට බලකර සිටියි.
 
ඔහු එම කාරණා සඳහන් කළේ, යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම ගැන අද (13) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
 
යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය 2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට යහපාලන  ආණ්ඩුව කටයුතු කළ බව පැවසු හිටපු අගමැතිවරයා,  බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වු බව කියා සිටියේය.
 
 
''ලංකාවට ලැබුණු මෙම ජී.එස්.පී. ප්ලස් බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මෙම සහනය නැති වෙනු ඇතැයි අපට අවවාද කරලා තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක්වෙලා තිබෙන්නේ. නෞකාවේ ප්‍රශ්නයත් සමඟ අපේ ධීවර කර්මාන්තයටත් ගැටළු මතු වෙලා. විදේශ රැකියාවලට යන අය අඩු වෙලා. එම නිසා අපේ විදේශ විනිමය පහත වැටිලා.'' එජාප නායකයා සඳහන් කළේය.
 
 
විදේශ විනිමය අඩුවීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව, පසුගියදා බංගලා දේශයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත් බව පැවසු  එජාප නායකයා, මේ වන විට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙනඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇගළුම් කර්මාන්තය පමණක් බවද කියා සිටියේය.
 
 
''එවැනි අවස්ථාවක අපට ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුනොත් රුපියලේ වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවේවි. ඒ වගේම රැකියා දහස් ගණනක් අහිමි වෙන්නත් පුළුවනි.'' යයි හිටපු අගමැතිවරයා අනතුරු අඟවා සිටියි.
 
 
 
  
##########
 
THE LEADER TV 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි!
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්