ලබන 05දා කොළඹදී පැවැත්වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සමුළුවට සෙනග ගෙනඒමට කරදර නොවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ දුරබැහැර ප්‍රදේශවල ආසන සංවිධායකවරුන්ට අගමැති කාර්යාලයෙන් දැනුම්දීමක් කර තිබේ.


එහෙත් අවම වශයෙන් සෑම ආසනයකින් ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පස්නමක් අනිවාර්යයෙන් එම සමුළුවට සහභාගී කරවන්නැයි එවැනි ආසන සංවිධායකයින්ට දැනුම් දී ඇත.

මෙසේ එම සමුළුවට ජනතාව සහභාගී කරවීම සිමා කිරීමට තීරණය කර ඇත්තේ, ඇතැම් සංවිධායකයින් එදින අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්නැයි ඉල්ලා හඬක් නැගීමේ සුදානමක් පිළිබඳව වාර්තා වීමත් සමගය.

මේ අතර සජිත්වාදීන් එම සමුළුවේදී කිසියම් කඩාකප්පල් ක්‍රියාවකට සුදානම් වුවහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට සුදානමින් සිටින්නැයි අගමැති කාර්යාලයෙන් රාජිත සේනාරත්න හා වජිර අබේවර්ධන ඇමතිවරුන් දැනටමත් දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.

PHOTO 2019 07 30 23 38 01

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්