මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගෙන්වීමට කටයුතු කරන ලෙසත්,
එය මේ මොහොතේ අවශ්‍යතාවය බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා රජයේ බලධාරීන්ට පවසයි.
 
මෙම මන්ත්‍රී වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට නොහැකි නම්, මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
 
මේ අවස්ථාවේදී මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි. 
 
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම කාරනා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  
ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බවත්, කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කර සිටියි.
 
මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොව, ඒ සියලු මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීම බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර සිටියි.
 
එම කාරණය අවධාරණය කරන මන්ත්‍රීවරයා සිය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කර ඇත. 
 
මේ නිසා, ජනතාවාදී විපක්ෂය ලෙස මා මීට දින තුනකට පෙර පැවසූ පරිදිම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහජන මුදල් වලින්  වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන  ලෙසයි. 
 
එම මුදල්ද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මෙයට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. 
 
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්