රටේ පවතින සියලු අර්බුදයන්ට හේතුව රට තුළ ඩොලර් නොමැතිකම බවත්,
ආනයන සීමා කර ඇත්තේ ඒ නිසා  බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. 
 
ඉන්ධන මිල වැඩි කිරීම සිදු කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් බව ද ඔහු කියා සිටියි.
 
ඒ අනුව ජීවන වියදම් කමිටුව තීන්දු කළ පසු ඉන්ධන මිල වැඩි කිරීමේ නිල බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂට බවද ඔහු පවසයි.
 
 
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලෙස සියලු දෙනාම අකමැති නමුත් රටක් ලෙස ඇති වී තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඊට මුහුණ දීමට අකමැත්තෙන් වුවද සිදුවි ඇතැයිද ශ්‍රීලනිප මහ ලේකම්වරයා කියා සිටියි.
 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා එම කාරනා සඳහන් කර සිටියේ, ඉන්දන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් බැසිල් - විමල් පාර්ශව අතර සිදුකෙරෙන මතගැටුම සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් විමසා සිටි අවස්ථාවේදීය.
 
ගම්මන්පිල ඇමතිවරයාට පමණක් චෝදනා කරමින්, ඔහුට පහර දී මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව පැවසු, ශ්‍රීලනිප ලේකම්වරයා, ''එහෙම නම් ලංකාවේ පොහොර අර්බුදයක් තියෙනවා. ඒකට එහෙම නම් මහින්දානන්ද ඇමැතිතුමාත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු ජනාධිපතිතුමත් වගකියන්න ඕනේ. එහෙම ගත්තොත් ඇමතිවරු හැමකෙනාටම ගෙදර යන්න වෙන තත්වයක් ඇති වෙනවා.'' යයි සඳහන් කළේය. 
 
එබැවින් තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන ආණ්ඩුව නිවැරදි මාර්ගයේ ගෙන යාම කළ යුතුවන බව දයාසිරි ජයසේකර රාජ්‍ය  ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.
 
 
දැවැන්ත ආර්ථික අර්බුදයක් :
 
 
වත්මන් ආර්ථික අර්බුදය පැහැදිලි කරමින් ඔහු මෙසේද සඳහන් කළේය. 
 
''අද තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය විශාල ණය අර්බුදයක ඉන්නේ. මෙය කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවක්. මේක අමාරු වැඩක්. තෙල් මිල රුපියල් 20කින් වගේ වැඩි කරනවා කියන්නේ විශාල අර්බුදයක් රට ඇතුළේ එනවා. වැඩි කිරීම ගැන අපෙත් විරෝධයක් තිබෙනවා. 
 
නමුත් රටක් විදිහට අපිට දැන්  මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ වගේම රටේ ඩොලර් නැතිවීම තුළ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. එවන් අවස්ථාවක කැබිනට් මණ්ඩලය ගන්න තීරණයට සාමූහිකව සියලු දෙනා බැඳිලා ඉන්නවා. ''
 
 
 
 
 
 
##########
 
THE LEADER TV 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්