වේගයෙන් පැතිරී යන කොවිඩ් වසංගතය හමුවේ දිවයින පුරා සංචරණ සීමා පනවා තිබුණ
ද කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් වතු කම්කරුවන් සේවයට කැඳවීම හරහා  ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වී ඇති බව වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මධ්‍යස්ථානයක් පෙන්වා දෙයි.
 
කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් වතු කම්කරු මධ්‍යස්ථානය ඉල්ලා ඇත්තේ වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
 
වතු පේලි නිවාස වල ජීවත් වන වතු කම්කරුවන් ඇතුළු සියළු ජන ප්‍රජාවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ සහ වසංගතය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය අවධාරණය කර ඇත්තේ, නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරිමට තරම් භෞතික පහසුකම් වතු කම්කරුවන්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට නොමැති හෙයින් ඔවුන්ගේ ජීවිත මේවන විටත් දැඩි අවදානමට ලක්ව ඇති බවයි.
 
 
වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත අබේකෝන් හා සම සංවිධායක මාක්ස් ප්‍රභාගර් ගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, ඒ පිළිබඳව සැලකිල්ලට ලක් කර ඔවුන් සියළු දෙනාටම කඩිනමින් එන්නත ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.
 
 
මේ වන විටත් කොවිඩ් රෝගීන් බවට පත්ව ඇති වතු කම්කරුවන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති වතු කම්කරුවන් සඳහා පඩි සහිත නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙසත් වතු කම්කරු මධ්‍යස්ථානය, කම්කරු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
 
සිය ලිපිය මගින් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් 1000ක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්, වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් 1000 කප්පාදු කිරීමට කටයුතු කර ඇති බවයි.
 
"උදාහරණයක් ලෙස දිනකට නෙලිය යුතු තේ දළු ප්‍රමාණය අසාධාරණ ලෙස හිටිහැටියේ ඉහල දමා ඇති අතර එකතු කළයුතු රබර් කිරි ප්‍රමාණය ද මෙලෙස ඉහළ දමා ඇත."
 
එම ඉලක්ක සම්පූර්ණ කිරීම ඉතා දුෂ්කර වන අතර එසේ නොකරන කම්කරුවන් සඳහා දින භාගයක  වැටුප පමණක් ලබාදීමට වතු සමාගම් කටයුතු කරමින් සිටින බවත් වසන්ත අබේකෝන්  හා මාක්ස් ප්‍රභාගර් පෙන්වා දෙයි.
 
ඔවුන් තව දුරටත් සදහන් කර ඇත්තේ අදාළ නිශ්පාදන ඉලක්ක ඉක්මවන කම්කරුවන් සඳහා ඊට පෙර ලබා දුන් අමතර ගෙවීම් ද නතර කර ඇති බවයි.
 
"එමෙන්ම දවසේ වැඩ කළ යුතු කාලය වැඩි කිරීම, නිවාඩු දින වල දී වැඩ කිරීමේ දී ඊට පෙර ලබාදුන් අමතර ගෙවීම් නතර කිරීම ඇතුළු වතු කම්කරුවන් මෙතෙක් භුක්ති විඳි අයිතිවාසිකම් සහ වරප්‍රසාද රැසක් කප්පාදු කර ඇත."
 
වතු සමාගම් පනවා ඇති අසාධාරණ කොන්දේසි ඉවත් කිරීමටත් ඉහත ගැටළු විසඳා ගැනීම සඳහාත් සිය  සංගමයට කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් වතු කම්කරු මධ්‍යස්ථානය කම්කරු කොමසාරිස්වරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
 
 
 
##########
 
THE LEADER TV 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්