ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු) මහ ලේකම්වරයා නිකුත්කල නිවේදනය පිළිබඳව උදය ගම්මන්පිල අමාත්‍යවරයාට යම් සිත් රිදීමක් වූයේනම්,
පක්ෂය වෙනුවෙන් කණගාටුව පළකරන බව බැසිල් රාජපක්ෂගේ සමීපතම ගෝලයකු අද මාධ්‍ය හමුවේ පැවසිය.
ඉන්ධන මිල වැඩිකිරීමට වගකීම බාර ගෙන විෂයබාර ඇමති උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු යයි පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්, අදහස් දැක්වීම සඳහා 'පොහොට්ටු' පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එසේ කණගාටුව පලකරනු ලැබුවේ, අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා ය.
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරනු ලැබූ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු 'ද ලීඩර්' වෙත පැවසිය.
ඉන්ධන මිල වැඩි කරන ලද්දේ එක් පුද්ගලයකුගේ හෝ එක් අමාත්‍යවරයෙකුගේ තනි කැමැත්තට නොවන බව ද අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු තව දුරටත් සඳහන් කළේ, එය ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ඉතා ගැඹුරින් සාකච්ඡා කර ඉතා අකමැත්තෙන් ගන්නා ලද තීන්දුවක් බවයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය මැද මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්නා ආකාරය ගැන ජනාධිපතිවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.
ඉන්ධන මිල වැඩිකිරීමට වගකීම බාර ගෙන ඇමති උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු යයි නිවේදනය කල පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මෙම මාධ්‍ය හමුවට සහභාගී නොවීය.
අගමැති මහින්ද පොහොට්ටු ලේකම්ගෙන් ප්‍රශ්ණ කරයි !
මේ අතර 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත්තේ, ආණ්ඩුව විසින් ඉන්ධන මිල වැඩි කිරීමට ගන්න ලද තීරණය විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනය ගැන ඔහුගෙන් කරුණු විමසන බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසූ බවයි.
මේ පිළිබඳව මහ ලේකම්වරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති අගමැතිවරයා, මෙවන් ප්‍රශ්න අල්ලාගෙන ඇතැමුන් ආණ්ඩුවේ ප්‍රශ්න වැඩියි කියා සිතනවා නම් එය වැරදි බව ද සඳහන් කර ඇත.
මෙමගින් ආණ්ඩු වෙනසක් ඇති වන්නේ ඇයි විපක්ෂය සිතන්නේ නම් එය වැරදි අදහසක් බවත් ආණ්ඩුව දිගටම ගෙන වන බවත් අගමැතිවරයා සදහන් කර ඇත.
සාගර කාරියවසම් විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ පවා නොදැන සිටි බවට චෝදනා එල්ල වෙයි.
බැසිල් 22 එයිද ?
මේ අතර හිටි හැටියේ ඇමරිකාවට ගිය බැසිල් රාජපක්ෂට නොපමාව ම යළි දිවයිනට පැමිණෙන ලෙස පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් මෙන්ම හිතවතුන් බොහෝදෙනෙකු ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහු ලබන ජුනි 22 දා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි පැවසේ.
බැසිල් රාජපක්ෂගේ හිතවතුන් ඔහු ගෙන් ඉල්ලා ඇත්තේ ඉක්මනින්ම දිවයිනට පැමිණ පවුලේ සහෝදරයින් සමග කතාබහකොට මතුව ඇති අර්බුද විසඳා ගන්නා ලෙසයි.
##########
THE LEADER TV
වැඩිකළ තෙල් මිලේ සැඟවූ කොමිස් කතාව?
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!