1200 x 80 DMirror
 
 

 ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩු විසින් ගත් සාමූහික තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පසුපස සිටින අදෘශමාන
බලවේගය කවුරුන් දැයි තමන් නොදන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා එම නිවේදනයෙන් ප්‍රසිද්ධ කළේ තම මතයද පක්ෂයේ මතය දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා පැවසීය.
 
එකී නිවේදනය තමන් පිළිගන්නේ හෝ අනුමත කරන්නේ ද නැතැයි පැවසූ ඇමතිවරයා එය වැරදි නිවේදනයක් බවත් මහලේකම්වරයා එම නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවත් අවධාරණය කලේය.
 
මෙවන් ලිපියක් නිකුත් වීමට බලපෑ අදෘශ්‍යමාන බලවේගය කවුදැයි ආණ්ඩුව තුලද ප්‍රශ්නාර්ථයක් ඇතැයි ද කී ඔහු ආණ්ඩුවක් වූ විට මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද කියා සිටියේය.
 
ඔහු එම කාරනා සඳහන් කළේ  'දෙරණ රැපවාහිනියේ 360' වැඩසටහන සමග එක්වෙමිනි.
 
(ලංකා සී නිව්ස්)
 
 
###########
 
THE LEADER TV 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!

subscribeYT

subscribeYT

නවතම පුවත්