රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.
ඔහු මුදා හරින ලෙස නියම කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි.
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.
 
ඒ දෙදෙනා ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් දෙක නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි කැඳවන ලදී.
 
හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් නඩු දිනයේදී වැලිකඩ බන්ධනාගාරයට නියම කර තිබුණි. එහෙත් වාර්තාව ඊයේ උසාවියට ඉදිරිපත් කර නොතිබිණ.
 
ඒ ගැන වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරුණු විමසා බලන ලෙස විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය. 
 
ශානි අබේසේකර හා සුගත් මැන්ඩිස් යන පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින්ම රිමාඩ් භාරයට පත්කළේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයයි. ඇප ඉල්ලීම් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප විය.
 
දෙදෙනාම අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් වෙනම ගොනු කළේ ඉන් අනතුරුවය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා සිටියේ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන තමා ශල්‍යකර්මයකට භාජනය වීමට ඇති බව කියා සිටිමිනි. රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී එම කටයුත්ත කිරීමට අපහසු බවද ඔහු සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
 
අධිනීතිඥ විරාස් කොරයා සහ චමින්ද අතුකෝරාල පෙත්සම්කාර පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියහ.
 
අතිරේක සොලිස්ටර් ජනරාල් රොසාන්ත අබේසූරිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.
 
 
##################
 
 
 

 
සබැඳි පුවත් :
 
 
 
###########
 
THE LEADER TV 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 

ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්