අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
 
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව ජනාධිපතිවරයා විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර තිබුනේ සුපිරි ‍වෙළඳසැල් හා තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමටයි.
 
මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇති බවත්, ඒ අනුව සුපිරි වෙළඳසල්වලින් මාර්ගගත ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.
 
 
වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විරෝධයක් !
 
 
ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශකර සිටියේ, රජයක් ලෙස දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා වූ ක්‍රමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
 
එහි සභාපති අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේ, මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරිම සඳහා වන උත්සාහය නිවැරදි දෙයක් නොවන බවයි.
 
”රජයක් හැටියට දුම්කොළ මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා වු ක්‍රමය පිළිබඳව අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ කටයුත්ත වැරදි දෙයක් හැටියට දකිනවා” යයි ඔහු මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේය. 
 
 

 
තවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, මත්පැන් භාවිතය කිසිම ආකාරයකින් හෝ අනුමත කළ හැකි දෙයෙක් නොවන බවයි.
 
 
”අපිට සම්පුර්ණයෙන්ම කියන්න තියෙන්නේ මත්පැන් භාවිතය මොනව ආකාරයකින්වත් අනුමත කරන්න පුළුවන් දෙයෙක් නෙවෙයි. සංචාරණ සිමා සහ අනෙකුත් දේවල් අපිට මේවායෙන් වැළකි සිටීමට ලබාදිලා තියෙන හොදම අවස්ථාවන් හැටියට භාවිතයට අරගෙන මේවායින් වැළකි සිටිම තමයි ඉතාමත් වැදගත් වන්නේ.”
 
 
සජබ චෝදනාව :
 
image 3380b8f7ac
අශෝක් අබේසිංහ
 
 
ඒ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසා සිටියේ,  දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය සොයා කඳු උඩ යද්දි රජය ඔන්ලයින්වලින් මත්පැන් ගෙවල්වලට ගෙන්වා දීමේ වැඩපිළිවෙළවල් සකස් කරමින් සිටින බවයි.
 
”රටේ දරුවෝ ඔන්ලයින් අධ්‍යාපන හැදැරීම සඳහා කඳු උඩට යනවා වහල උඩට යනවා. ඊයේ පෙරේදා වහල උඩට නැග්ග ළමයෙක් වැටිලා තුවාලවෙලා තියෙනවා. අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන රජය ඊයේ ඔන්ලයින්වලින් මත්පැන් ගෙවල්වලට ගෙනල්ලා දෙන වැඩපිළිවෙළක් සකස් කරන්න යනවා” ඔහු සඳහන් කළේය.
 
මෙම විරෝධතා හමුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල ද හකුලා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
 
 
සබැඳි පුවත් :
 
 
 
###########
THE LEADER TV 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි? 
 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්