ශ්‍රී ලංකාවේ  සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට දැඩි  බලපෑමක් එල්ලකරමින් මැයි 20 වැනි දා සිට ගිනි ගැනීමට
ලක්වූ X Press Pearl නෞකාව හේතුවෙන් සිදු වූ හානි පිළිබදව මෙතෙක් දැනුම් නොදුන් තොරතුරක් වේ නම් එය දැනුම්දෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් X Press Pearl නෞකාව හේතුවෙන් සිදු වූ හානි තක්සේරු කිරීමට සහ රක්ෂණ මුදල් ලබා ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු සඳහා වන අනු කමිටු 5ක් අධිකරණ අමාත්‍යංශය විසින් පත් කර තිබේ.
 
 
1.  රක්ෂණ කටයුතු සඳහා වන අනු කමිටුව,
2.  නෛතික කටයුතු සඳහා වන අනු කමිටුව,
3.   ධීවර කටයුතු සඳහා වන අනු කමිටුව,
4.   පාරිසරික කරුණු සඳහා වන අනු කමිටුව,
5.  ආර්ථික කටයුතු සඳහා වන අනු කමිටුව,
 
 
නැව් අනතුර සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා නොකළ යම් හානියක් පිළිබඳ තොරතුරු හෝ යම් අදහසක් වේ නම්, තමන්ට දැනුම් දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතන සහ පුද්ගලයන් වෙතින් ඉල්ලා සිටී.
 
තම තොරතුරු සහ අදහස්This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනය වෙත හෝ 2445447 අංකය වෙත ෆැක්ස් මාර්ගයෙන් දැනුම් දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය දැනුම් දී තිබේ.
 
එම තොරතුරු ලබා ගැනීම 2021 ජූනි 21 දිනයෙන් අවසන් වේ.
 
එසේම මෙම තොරතුරු ඉදිරිපත් කිරීමේදී, අදාල අනු කමිටුවේ නම සහ අංකය සඳහන් කරන ලෙසත්   අධිකරණ අමාත්‍යංශය නිකුත් කළ  නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
 
###########
THE LEADER TV 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්