ඉදිරි මැතිවරණයකින් පිහිටුවනු ලබන උතුරු නැගෙනහිර පළාත් සභා හරහා ඒ දෙපළාතට ආධාර දීම
සම්බන්ධයෙන් ඉන්දියාව විපක්ෂයේ දෙමළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පවත්වා තිබේ.
 
යුද්ධයෙන් පීඩාවට පත් උතුර හා නැගෙනහිර සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දීය සැලකිල්ල ප්‍රකාශයට පත්වී ඇත්තේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ දෙමළ ජාතික සන්ධානය (TNA) අතර ජූනි 17 දා කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදීය.
 
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සහ පශ්චාත් කෝවිඩ් සමය තුළ දෙරට අතර සිදුකෙරෙන ගනුදෙනු වැඩි දියුණු කිරීම කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලද බව ඉන්දීය නියෝජිතයෝ පවසති.
 
  
“උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන ලදී,” යනුවෙන් හමුවෙන් අනතුරුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
 
 
“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය. සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව සඳහා දමිළ ජනතාවගේ අභිලාෂයන් හා සමපාත වන සහ ශ්‍රී ලංකාව ශක්තිමත් කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ පදනම යටතේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ බලය බෙදීමට ඉන්දියාවේ සහාය මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය.”
 
උතුරු නැගෙනහිර ජනජීවිතය නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පළාත් සභා මැතිවරණ කල් යාම නිසා අසීරු වී ඇති බව දෙමළ මන්ත්‍රී නියෝජිතයන් ඉන්දීය දූත මණ්ඩලයට පවසා ඇත.
 
 
පළාත් සභා මැතිවරණ පැවැත්වීම සිදුවන්නේ නම්, ඉන් අනතුරුව ගොඩනැගෙන ආයතන ඔස්සේ ඒකාබද්ධව සංවර්ධන කටයුතු පෙරට ගෙනයා හැකි බව මහකොමසාරිස් වරයා ප්‍රකාශ කළේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ මාධ්‍යවේදීන් හා පවසා තිබුණි.
 
 
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ එම්. ඒ. සුමන්තිරන් ද TNA නියෝජනය කරමින් මෙම හමුව සඳහා සහභාගි වී තිබේ. 
 
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ දේශපාලන අංශ ප්‍රධානී භානු ප්‍රකාශ් මහත්මිය ද මහ කොමසාරිස්වරයා සමඟින් සාකච්ඡාවට එක්වූ බව මහ කොමසාරිස් කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
 
 දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ජූනි 15 දා පැවැත්වීමට  නියමිතව තිබූ සාකච්ඡාවක් හේතු දැක්වීමකින් තොරවම ජනාධිපති කාර්යාලය විසින් අවලංගු කර තිබුණි.
 
එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර තිබුනේ TNA විසින් විශේෂඥ කමිටුවට භාරදී තිබුණු ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තම පක්ෂයේ අරමුණ වූ බවයි. 
 
 
###########
THE LEADER TV 
 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image