සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා
අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත් වේ.
පළාත් සභා යටතේ වන රජයේ කාර්යාල මගින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය සේවාවන් ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබේ.
ඊට අමතරව වරාය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, රේගුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රවාහන ප්රධානවේ.
මේ හැරුණුවිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු පරිපාලන ඒකක ද මහබැංකුව ඇතුලු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු ද සමූපකාර සතොස ආදී ජනතාවට ආහාර පාන ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට අදාළවන ආයතන ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්.
කොවිඩ් 19 වසංගත පනත් කෙටුම්පතට සංශෝධන
මේ අතර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ, පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කොවිඩ් 19 වසංගත සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන ඇතුලත් කොරෝනා වයිරස් රෝගය (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.
එම සංශෝධන කමිටු අවස්ථාවේදීම ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කියා සිටියේය.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයකු ගොනු කල විශේෂ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව දැනුම් දී තිබේ.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ඒ.එච් එම් ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
###########
THE LEADER TV
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් !
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?