දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඩ්-19’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. 
 
සිබ්‍රාවෙකු හා හිපපොටේමස් සතුන් දෙදෙනෙකු හිටි හැටියේ මියයාමේ සිද්ධි දෙකක්ද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.
 
මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ,  2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය. 
 
දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත්, ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඩ් බවට තහවුරු වී ඇති බවත් වාර්තා වේ.
 
මෙම තත්වය තුළ සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් (Keepers)  දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇත.
 
  
සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැත.
 
 
 
ආසාදිත 'තෝර්' නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙන බව වාර්තා වේ.
 
දෙහිවල සත්වෝද්‍යානය මේ දිනවල මහජනතාවට විවෘතව නැතත් සතුන් බලාකියා ගන්නා රැකවලුන් ගෙන් හා සතුන් සඳහා ගෙන එන ආහාර වලින් සතුන්ට කෝවිඩ් අසාදනය වන්නට ඇතැයි සැකකෙරේ. 
 
කෙසේවුවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මාධ්‍යවෙත පවසා ඇත්තේ, සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිපලවල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි. 
 
  
සබැඳි පුවත් :
 
WhatsApp Image 2021 06 18 at 4.09.31 PM
 
 
###########
THE LEADER TV 
 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්