කලින් ගිවිසගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තනි තීරණයට අතහැර දැමූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන්

ජපාන සමාගමක් රුපියල් කෝටි පනස් අටක මුදලක් ඉල්ලා ඇති බව හෙළිවෙයි.

අගනුවර මාර්ග තදබදය අඩු කිරීම අරමුණු කොටගෙන මාලබේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16ක් පමණ දුරට නැවතුම් පල 16 ක් සහිතව එම ඉදිකිරීම සඳහා අත්සන් කරන ලද්දේ පසුගිය රජය සමයේය. 
 
කොන්ත්‍රාත්තුව භාර දී තිබුනේ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ගණනාවක් ඉදිකර ඇති ජයිකා නමින් ප්‍රකට ජැපෑන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි වෙතය. 
 
ඩොලර් කෝටි 15ක සහනදායී ණය ක්‍රමයක් යටතේ සිදුකිරීමට නියමිත එම ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස වර්තමාන ජනාධිපතිවරයා විසින් අහෝසි කරන ලද්දේ ලාභදායී වැඩපිළිවෙලක් නොවන බව පවසමිනි.
 
ව්‍යාපෘතිය අහෝසි කරන අවස්ථාවේ ඒ සඳහා උපදේශකත්වය සැලසීමේ ගිවිසුමද අවලංගු වී යාම නිසා අදාළ සමාගම වන්දි ඉල්ලා ඇති බව අලුත්ම රජයේ විගණන වාර්තාවලින් හෙළිවේ.
 
“අදාළ උපදේශක සමාගම තමන්ට සිදුවූ හානිය පියවාගැනීමට රුපියල් මිලියන 5896ක වන්දියක් ඉල්ලා තිබේ,” යි විගණකාධිපතිවරයා විසින් ඉකුත් වසරේ ආණ්ඩුවේ ගිණුම් පරීක්ෂා කිරීමෙන්  අනතුරුව ප්‍රකාශයට පත් කර ඇත.
  
සැහැල්ලු දුම්රිය ගිවිසුම අහෝසි කරන සමයේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කළේ ඒ සඳහා වන්දි ගෙවීමක් අවශ්‍ය නොවන බවයි.
 
ජයිකා සමාගම විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඩොලර් මිලියන 280 ක් වෙන්කොට ඇතත් ඒ වනවිට වැයවී තිබුනේ ඩොලර් මිලියන 20ක් පමණක් වන හෙයින් ආපසු ගෙවන්නට සිදුවන්නේ ඒ මුදල පමණෙකැ’යි ලේකම්වරයා රජයේ ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණි. 

 

 

 


 

THE LEADER TV 
 
 
 ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 

 

 

බොලේ ගම්මං පිලේ.. බැසිල් ගැසූ ගේම සහසුද්දෙන්ම මෙන්න! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්