මිට මාසයකට ඉහතදී විදේශගතවූ බැසිල් රාජපක්ෂ යලි දිවයිනට පැමිණෙන්නේ පසුගියදා ඉහල දැමු ඉන්දන මිල ඇතුළු අත්‍යවශ්‍ය බදු මිල පහත දැමීමේ වැඩපිළිවෙලක් සහිතව බව පොදුජන පෙරමුණට (පොහොට්ටුව)
සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති. 
 
2024 ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ මෙහෙයුම එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නම් කර ඇත්තේ 'බැසිල් සුළඟ' නමිනි.
 
මේ අතර බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසන්නේ, 
බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව, රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බවයි.
 
එහෙයින් ඉන්ධන මිළ වැඩි වීම සම්බන්ධව බැසිල් රාජපක්ෂ රට තුළ සිටියා නම් ඒ සම්බන්දව දෙවරක් සිතා බැලීමට අවස්ථාව දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති බවද ඔහු පැවැසීය.
 
ඔහු එබව සඳහන් කළේ උඩුනුවර ආසනයේ 'කෝවිඩ් කමිටු' රැස්වීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
 
බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණෙන තුරු ජනතාව බොහෝ අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්ධන මිල අඩු කිරීමත් එම අපේක්ෂාවලින් එකක් බවද මහාචාර්‍ය රන්ජිත් බණ්ඩාර පැවැසිය.
 
“මේ අවස්ථාවේ තෙල් මිල වැඩි කිරිම සුදුසුයි කියා විස්වාස කරන්නේ නෑ. අපේ පක්ෂයේ මහ මහලේකම් විසින් එබව නිවේදනයක් විදියටම ප්‍රකාශ කර තිබෙනවා. පක්ෂයක් ලෙස තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව අපේ කනස්සල්ල ඉදිරිපත් කරනවා.
 
විපක්ෂය මිට ඉහතදි දෝෂාභියෝග කිහිපයක්ම ගෙන ආවා. ඒ අය උත්සහ ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන මිත්‍ර පක්ෂ හා නායකයින් අතර ගැටුමක් ඇති කිරිමටයි. නමුත් අප පක්ෂයක් ලෙස ගන්නා තීන්දු තිරණ සමග ඉන්නවා. දෝෂාභියෝගය සම්බන්ධව පක්ෂය අපිව දැනුවත් කළ පසු කුමන තීන්දුවක් ගන්නවාද නැද්ද යන්න ඉන් පසු තිරණය කරනවා” යයි ද ඔහු එහිදී පැවසිය.
 
 
 
 
දෙබරයකට ගල් ගැසූ පොහොට්ටු ලේකම්ගේ ලිපිය :
 
 
ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් විසින් ජුනි 12 දා මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබු තිබිණ.
 
කෙසේවුවද ඉන්දන මිල ඉහල දැමීමට තීන්දු කරනු ලැබුවේ ජනාධිපති, අගමැති හා නාමල් රාජපක්ෂ ඇමතිවරයා ද සහභාගී වූ ජූනි 9 දා කැඳවා තිබු ජීවන වියදම් කමිටු රැස්වීමේ දිය. 
 
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ද එබව තහවුරු කළේය.
 
පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යාම තුළ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ දී අවධානය යොමුකරන
ලද බව ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනය මගින් කියා සිටියේය.
 
 
 
බැසිල් 22 රාත්‍රී දිවයිනට !
 
 
මේ අතර හිටි හැටියේ ඇමරිකාවට ගිය බැසිල් රාජපක්ෂට නොපමාව ම යළි දිවයිනට පැමිණෙන ලෙස පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් මෙන්ම හිතවතුන් බොහෝදෙනෙකු ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහු ලබන ජුනි 22 දා රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි පැවසේ.
 
බැසිල් රාජපක්ෂගේ හිතවතුන් ඔහු ගෙන් ඉල්ලා ඇත්තේ ඉක්මනින්ම දිවයිනට පැමිණ පවුලේ සහෝදරයින් සමග කතාබහකොට මතුව ඇති අර්බුද විසඳා ගන්නා ලෙසයි. 
 
රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර පවතින බැඳීම වත්මන් ආණ්ඩුවේ ශක්තිය මෙන්ම දුර්වලතාවය බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය.
 
 
 
THE LEADER TV 
 
 
 ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 

 

 

බොලේ ගම්මං පිලේ.. බැසිල් ගැසූ ගේම සහසුද්දෙන්ම මෙන්න! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්