විදේශතව සිටින බැසිල් රාජපක්ෂ ලබන සතියේ යලි දිවයිනට පැමිණීමට නියමිත බවත්, ඉන් අනතුරුව ඔහු දින කිහිපයක් ඇතුලත දී ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිව්රුම්දීමට නියමිතව ඇති බවත් ආණ්ඩුවේ
අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි වහාම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බවයි. ඒ සඳහා දැනට පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.
 
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ වෙත පැවරී ඇති වගකීම් රාශියක් ද බැසිල් රාජපක්ෂ වෙත පැවරීමේ සුදානමක් පවතින බවයි.
 
පොහොට්ටු පක්ෂය විසින් ඉන්දන මිල ඉහල දැමීමට දක්වන විරෝධයත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන ඇති අර්බුදය සමතයකට පත්කිරීම සඳහා බැසිල් රාජපක්ෂ වෙත ආර්ථික කටයුතු පිලිබඳ පුර්ණ වගකීම පැවරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟත්වය පළකර ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
කෙසේවුවද අප කළ විමසීමක දී බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු පැවසුයේ, සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇති එවැනි පුවත් පිළිගැනීමට අසීරු බවයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට යාමට බැසිල් රාජපක්ෂගේ කිසිඳු අදහසක් නොමැති බව ඔහු අවධාරණය කළේය. 
 

 
THE LEADER TV 
 
 
 ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 

 

 

බොලේ ගම්මං පිලේ.. බැසිල් ගැසූ ගේම සහසුද්දෙන්ම මෙන්න! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්