කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට
පවරා ජුනි 17 දින සහිතව ජනාධිපතිවරයාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්ව ඇති අතර එය බැසිල් රාජපක්ෂ විරෝධීන් ලෙස සැලකෙන විමල් විරවංශ හා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරුන් අතර විරසකයක් ඇතිකරවීමේ උත්සහයක් දැයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තරයේ කතාබහට ලක්වෙමින් තිබේ.
 
කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ කටයුතු කරනු ලබන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ය. 
 
මෙම ඇමතිවරුන් දෙදෙනා සමීපතම මිත්‍රයින් වන අතර ආණ්ඩුව තුළ ඔවුන් දෙදෙනා ම බැසිල් විරෝධීන් ලෙස ප්‍රකටය.
 
නව ගැසට් නිවේදනයට අනුව කෘෂිකර්ම අමාත්‍යංශය යටතට’ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ලංකා පොස්පේට් සමාගම ඇතුලත්ය.
 
ඒ අනුව ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරූ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
 
 
wimal Gazat 2021.06.19
 
විමතියට කාරණයක් ? - බැසිල්ගේ වැඩක් දැයි සැකයක් !
 
 
 
පෙරේදා (ජුනි 17) දින මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්ව ඇතත්,  ඊයේ (18) දිනයේ දහවල් ද ජනාධිපතිවරයා හා අමාත්‍ය විමල් විරවංශ අතර ලංකා පොස්පේට් සමාගමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 
 
ලංකා පොස්පේට් සමාගම පසුගිය සමයේ ලැබූ ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී විමල් විරවංශ අමාත්‍යවරයාව ඉතාමත් ඉහලින්ම අගය කිරීමට ලක්කර ඇති ජනාධිපතිවරයා,  ලංකා පොස්පේට් සමාගමට දක්ෂ සභාපතිවරයකු පත්කර ගන්නා ලෙස ද ඇමතිවරයාට උපදෙස් දී ඇති බවත් පැවසේ.
 
එසේම, ලංකා පොස්පේට් සමාගමේ ඉදිරි ව්‍යපෘති සඳහා අත්තනගල්ල ප්‍රදේශයේ රජයේ ඉඩමක් පවරා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී කතාබහ වී ඇතැයි පැවසේ.
 
අදාල ඉඩම විමල් අමාත්‍යවරයාගේ ලංකා පොස්පේට් සමාගම වෙත පවරා ගැනීම සඳහා ජනාධිපතිවරයා, බස්නාහිර ආණ්ඩුකාරවරයා සමග ඊයේ දිනයේම සාකච්ජා පවත්වා ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 
කෙසේවුවද  ලංකා පොස්පේට් සමාගම තමාගෙන් ඉවත්කර ඇති බවත් විමල් විරවංශ අමාත්‍යවරයා වෙත වාර්තා වී ඇත්තේ ඊයේ රාත්‍රීයේය. 
 
ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන ආකාරයට විමල් විරවංශ අමාත්‍යවරයා එබව සැලවීමත් සමග විමතියට පත්ව ඇත්තේ, ඊයේ දිනයේ ජනාධිපතිවරයා තමා සමග ලංකා පොස්පේට් සමාගමේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කළේ,  පෙරේදා මෙවැනි ගැසට් නිවේදනයක්  නිකුත්කර ඇති බවක් නොදැන ද යන කාරණය සම්බන්ධයෙනි.
 
ලංකා පොස්පේට් සමාගම විමල් විරවංශ අමාත්‍යවරයා ගෙන් ඉවත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය පී. බ. ජයසුන්දරගේ වැඩක් වියහැකි බවට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතිකවාදීන් සැක පළකරති.
 
 
 
ඇමති විමල් විරවංශ ගේ ෆේස්බුක් සටහන 
 
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් තිබූ ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යාංශයෙන් ඉවත් කර කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පත් කිරීමෙන් පසු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
 
තම පාලනය යටතේ ලංකා පොස්පේට් සමාගම ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් වූ බවත් ඉදිරියටත් එය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු එහි සඳහන් කර ඇත. 
 
එම සම්පූර්ණ සටහන මෙසේය.
 
1974 දී ආරම්භ කල ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය යටතේයි. ජාතියට අගන දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කල හැකි පරිදි යොදාගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතක්. 
 
2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ථ ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. 
  
එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබුණි. ඊට හේතු වුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කල ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමයි.
 
2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පෙට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත්, ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුනා. 
 
එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා.
 
 ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. 
 
එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු උනා.
 
කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. 
 
fgfy5557
 
‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබුනා. 
 
සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අපි ලබාදුන්නේ රුපියල් 10 කට. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබුනා. 
 
කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබුනා. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවා.
  
එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද උනා.
 
 නමුත් මේ මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබුනා.
 
කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහාමකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නා. 
 
අඩුම තරමේ එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුල පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවා. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබුනා.
 
කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..!
 
– විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)
 
 
 
මහින්දානන්ද කියන කතාව :
 
fgnbng
 
මේ අතර අද (19) දින නාවලපිටිය නගරයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුයේ, විමල් විරවංශ අමාත්‍යවරයා යටතේ තිබු ලංකා  පොස්පෙඩ් සමාගම (19) දින සිට කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බවයි. 
 
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ පැවසිය.
 
ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කරලා තියෙනවා, ඒකට හේතුව ලෙස මම දකින්නේ ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තමයි තිබුණේ පසුගිය කාලයේ.
 
රජය දැවැන්ත වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව වෙනුවෙන්. පොස්පෙඩ් නිෂ්පාදනය ඉතාමත් වටිනවා, අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා.
 
ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පෙඩ් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා.''
 
 

THE LEADER TV 
 
 
වරායේ ජෙනරාල් ඉවත්කළ ඇතුලේ ගැටුම ?
 
 
 
 
ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්