අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පදිංචිව සිටින දියවන්නා දූව හි පිහිටි රුපියල් කෝටි 35ක් පමණ වන මාලිගයක් බඳු නිවස සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක්
මතුව තිබේ.
 
ඒ, පසුගියදා එම නිවසේ නිරෝධායන නීති කඩකරමින් රෝහිත රාජපක්ෂගේ උපන්දින සාදයක් පැවති බවට වූ ප්‍රචාරයත් සමගය.  
 
කෙසේවුවද එම පුවත්වලට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ පවසා තිබුනේ තමන්ගේ උපන්දිනය වෙනුවෙන් කිසිඳු ආකාරයේ උත්සවයක් නොපැවති බවයි.
 
ඉන්පසු පාර්ලිමේන්තුව අසල  පිහිටි එම නිවාස සම්බන්ධයෙන් සිදු කෙරුණ සමාජ මාධ්‍ය කතාබහ නිමා වුවද, 43 කණ්ඩායමේ ප්‍රධානියකු වූ මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක විසින් රෝහිත රාජපක්ෂ වාසය කරන නිවස රුපියල් කෝටි 30ක් පමණ වන බව කියමින් සමාජ වෙත වීඩියෝවක් මුදා හැරීමත් සමග අදාල නිවස යලිත් සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
 
කෙසේ නමුත් එම නිවස රෝහිත රාජපක්ෂට අයත් හෝ ඔහුගේ නමින් ඇත්දැයි තමන් නොදන්නා බවත් දැනට ඔහු එම නිවසේ වාසය කරන බව පමණක් කිව හැකි බවත් ධනුෂ්ක රාමනායක කියා සිටියේය.
 
එමෙන්ම රෝහිත රාජපක්ෂගේ උපන්දිනය දිනයේ එහි පිරිසක් එක් රැස් වී සැමරුමක් පැවැත්වූ බවට ද ඔහු සඳහන් කළේය.
 
 

 
මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ පවසා ඇත්තේ, එම නිවස තම මිතුරේකුගේ බවත් කුලී පදනමින් පදිංචිව සිටිනා බවත්ය. එමෙන්ම තම උපන් දිනය දා එහි කිසිදු සැමරුමක් නොපැවැත්වූ Rohithad 11බවත් ඔහු අවධාරණය කර තිබේ.
 
 
ඒ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ ද පවසන්නේ,  දියවන්නා දූව හි පිහිටි නිවසේ තම සහෝදරයා වාසය කරන්නේ කුලී පදනමින් බවය. රෝහිත රාජපක්ෂ එහි පදිංචිව සිටින්නේ කුලියට බවද ඔහු කියා සිටියි.
 
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක විසින් සිදුකරන ප්‍රකාශය සත්‍යක්දැයි 'ලංකා සී නිවුස්' කර ඇති විමසීමකදීය.
 
නාගරික මන්ත්‍රීවරයා කියන ආකාරයට රෝහිත රාජපක්ෂගේ 32 වැනි උපන්දිනය යෙදී තිබූ පසුගිය 15 වැනිදා එම නිවසේ කිසිම සාදයක් හෝ පුද්ගල එක්රැස්වීමක් නොපැවැති බවද ඇමතිවරයා අවධාරණය කර සිටී.
 
 
රෝහිත අරලියගහ මන්දිරේ පදිංචියට ගිහින් :
 
මේ සම්බන්ධයෙන් අප තවදුරටත් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වුයේ රෝහිත රාජපක්ෂ මේවනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග දියවන්නා දූව නිවසින් බැහැරවී යළි අරලිය ගහ මන්දිරයේ පදිංචියට ගොස් ඇති බවයි.
 
අදාල නිවස රෝහිත රාජපක්ෂගේ මිතුරකුට අයත් බව අරලියගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසු නමුත්, ඒ මිතුරාගේ නම හරිහැටි නොදන්නා බව සඳහන් කළේය. 
 
 
දියවන්නා දූව නිවසට අදාල වීඩියෝවක් පහත පළවේ. 
 
 

THE LEADER TV 
 
 
වරායේ ජෙනරාල් ඉවත්කළ ඇතුලේ ගැටුම ?
 
 
 
 
ලක්ෂරි වෙහිකලියන්ස්, කැසබියන්ස් හා ඩොංකි ලොජික්ස්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්