ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තෙක්

එම පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැසක් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (01) දිනයේම අගමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති ඩිජිටල් යටිතල පහසුකම් හා 
තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සිදුකළ යුතු සංශෝධනය කිහිපයක් එමගින් යෝජනා කර තිබේ.

එම ලිපියෙහි පහත කාරණා සඳහන් වේ.

01. අගෝස්තු මස 01 දින එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ කොටුම්පතක් පළමුවතාවට මා හට ලබාදීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමි.

02. යෝජිත ප්‍රජාත්නත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ කෙටුම්පතේ සඳහන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අද දින නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හිටපු සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු සභාපති මලික් සමරවීක්‍රම මැතිතුමා සහ වර්තමාන සභාපති කබීර් හෂීම් මැතිතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් ගණනාවකගේ විරෝධතාවයන් ඉදිරිපත් කරන ලද අතර, ඉන් පසුව ඔබතුමන් විසින් පහත සඳහන් තීරණ ගන්නා ලදී.

රනිල් එකඟවූ කරුණු ?

i යෝජිත ප්‍රජාතන්තවාදී ජාතික පෙරමුණ ව්‍යවස්ථාවේ කෙටුම්පත අද දින අනුමත නොකර සුදුසු සංශෝධන ලිඛිතව ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවස්ථාව සලසා දීම.

ii එම සංශෝධන පිළිබඳව, යෝජිත පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කොට සුදුසු සංශෝධන සිදු කිරීම.

iii අදාළ පෙරමුණ පිහිටුවීම සඳහා ගිවිසුම අත්සත් කිරීමට පෙර එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවත රැස්කොට අවසාන කෙටුම්පත පිළිබඳව අනුමැතිය ලබා ගැනීම.

03. සාකච්ඡාවේ ඉදිරිපත් වූ කරුණුද, වසර 25කට වැඩි කාලයක් නීතිඥවරයෙකු ලෙස ප්‍රායෝගික වශයෙන් මා ලබා ඇති අත්දැකීම්ද, ප්‍රායෝගික දේශාපාලනයේ දශකයකට වඩා වැඩි කාලයක් නියැළුනු දේශපාලඥයෙකු ලෙසද දැනට ඇති ආකාරයට, දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පත මත පෙරමුණු ගිවිසුම අත්සන් කිරීමට මාගේ විරෝධය දක්වන අතර, දැනට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව කෙටුම්පත් පහත සඳහන් කර ඇති ආකාරයට සංශෝධනය කරන ලෙසට ඉල්ලා සිටිමි.

යෝජනා මෙන්න :

i යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම්වරයා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විය යුතුය. (එම ප්‍රතිඵලය ලැබෙන ආකාරයට 33 වන වගන්තිය සංශෝධනය විය යුතුය.)

ii පක්ෂය ලියාපදිංචි කාර්යාලය සිරිකොත විය යුතුය. (පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පක්ෂ කිහිපයක් එකතුවී සන්ධානයක් පිහිටවනු ලබන විට එක් පක්ෂයක ලියාපදිංචි ලිපිනය අදාළ සන්ධානයේ ලියාපදිංචි ලිපිනය විය හැකිය. දැනට යොදා ඇති ලිපිනය එක් කුඩා පක්ෂයක මන්ත්‍රීවරයෙකු සතු පෞද්ගලික ස්ථානයකි.  එය සුදුසු නැත.)

iii විධායක කමිටුවේ (Executive Commitee) තීරණය ගැනීමේදී අවශ්‍යවන 70% සහ පක්ෂවල බහුතරය සහ කොන්දේසි දෙක වෙනුවට එක්සත් ජාතික පක්ෂයට ''තීරක බලයක්'' (Vote Power) ලැබෙන පරිදි 26 හි වගන්තිය සංශෝධනය විය යුතුය.

iv නායකත්ව මණ්ඩලය තුළ, එක්සත් ජාතික පක්ෂයට සෑම විටම, ''පුද්ගල නියෝජනය'' සහ 'ඡන්ද බලය'' අනුව, 50%+1 තිබිය යුතුය. (එනම් නායකත්ව මණ්ඩලය තුළ සාමාජිකයන් 10 දෙනෙකු සිටින්නේ නම් ඉන් 06 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළ යුතුය. නායකත්ව මණ්ඩලය තුළ 20 දෙනෙකු සිටින්නේ නම් 11 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ යුතුය.) එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තැනැත්තන් කවුද යන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළ යුතුය.(19 වන වගන්තිය) 

v 23(බී) වගන්තිය සංශෝධනය කොට එයට 'ජනාධිපතිවරණය' ඇතුළත් කළ යුතුය. ඊට අමතරව 'ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදී අනුමත කරන ලද තැනැත්තෙකු විය යූතුය'' යන්න අමතර කොන්දේසියක් ලෙස ඇත්ළත් විය යුතුය.

vi මෙම පෙරමුණ මැතිවරණ ඉලක්ක කර ගත් දේශපාලන පෙරමුණක් පමණක් බැවින්, 16,17,18 වගන්ති සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය. නැතහොත්, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනන්‍යතාවයට ඉන් බරපතල තර්ජනයක් මතුවේ.

vii 21 වන වගන්තියේ ඇති 'ජ්‍යෙෂ්ඨත්වය' යන්න අර්ථ නිරූපණය කර නැත. එනිසා ප්‍රායෝගික මිම්මක් නොවේ. එය ඉවත් විය යුතුය.

viii  24 වගන්තිය යටතේ පෙරමුණේ නායකයාගේ ''ධූර කාලය'' වසර 2ක් ලෙස නිශ්චිත විය යුතුය.


Sajith 02.08.2019
ඉහත යෝජනා පිළිබඳව සලකා බලා එම යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත් යෝජිත ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කොට එම කෙටුම්පත කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් අනුමත කර ගැනීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තුරු එකී පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.''


Sanshodana

සබැඳි පුවත් 
රනිල් -රාජිතගේ සන්ධානයේ කෙටුම්පත මෙන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image