ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගන්නා ලද ණය පොලිය පියවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන
ආයතන වලින් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සුදානමින් සිටින බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.
 
මෙසේ ලබාගන්නා මුදල් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව විසින් ගෙවීමට ඇති ණය පොලියෙන් කොටසක් ගෙවීමට යොදවනු ඇතැයිද එම වාර්තාවල සඳහන්ය.
 
අඩු පොලී අනුපාතික යටතේ මෙම ණය මුදල ලබා ගනීමට බලශක්ති අමාත්‍යංශය චීන හා ජපාන බැංකු සමග සිදු සාකච්ඡා කර ඇති නමුත් මෙරට පවතින මුල්‍ය අර්බුදය නිසා එම සාකච්ඡා බොහෝ දුරට අසාර්ථක වී ඇතැයි ද වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.
 
 
බැංකු දෙකට බිලියන 652ක් ණය වෙලා :
 
 
විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇති බවත්,  මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් විය.
 
ජුනි 13 දා එම නිවේදනය නිකුත්කර තිබුනේ ඉන්දන මිල ඉහල දැමීමට ජිවන වියදම් කමිටුව විසින් ගනු ලැබූ තීන්දුව සාධාරණිකරණය කරමිනි. 
 
 
 
##########
THE LEADER TV 
 
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !
 
 
 
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්