කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට
සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි වාර්තාවේ.
මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ පෙරවරුවේ අනුෂ පැල්පිට ව කැඳවා එම තනතුර බාර ගන්න ලෙස ඉල්ලීමක් කර තිබේ.
සංවර්ධන ලොතරුයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය බරපතල ලෙස අඩුව ඇති බැවින් කෙටි කාලයකට හෝ එම තනතුර බාරගෙන එම ආයතනය යලි ගොඩදාදෙන ලෙස ජනාධිපතිවරයා ද අනුෂ පැල්පිට ගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
කෙසේවුවද ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ තමාව කෙටි කලකට හෝ විදෙස් සේවයේ තානාපති ධුරයක් ලබාදෙන ලෙසයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අනුෂ පැල්පිට, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.
THE LEADER TV
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?