ඉදිරි වසර දසකය තුල සිදුවන දේශගුණික විපර්යාසය මීළඟ ලෝක වසංගතය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ ශත වර්ෂය තුළදි ලෝකයේ ඇතිවන නියඟය නිසා ලෝක ජනගහණයෙන් හරියටම බිලියන 1.5කට මෙම ඛේදවාචකයට සෘජුවම මුහුණදීමට සිදුවන අතර ජලය සහ ගොඩබිම කළමනාකරණය හරියාකාරව පවත්වා නොගතහොත් සිදුවන ආර්ථික අලාභය ඩොලර් බිලියන 124කට ආසන්න වන බවද ඔවුන් ගණනය කර ඇත.
අදාල වාර්ථාව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධියට පත්කර ඇත.
Mami mizutori
එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්ගේ විශේෂ නියෝජිතවරිය Mami mizutori පවසන්නේ, ලෝකයේ පුරා පැතිර යන නියඟය, ජලය හිඟය මුළු ලෝකයම ගිල ගන්නා බවයි.
පසුගිය වසර 5000 ක කාලයක් තුල ලෝක ජනතාව නියඟයට මුහුණු දුන්නත් ඉදිරියේදි ඇතිවන මහා නියඟය සියලුම වගාවන් විනාශ කරමින් ලෝකයේ සාගතයක් ඇති කරවිය හැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මිට අදාල පුවත theguardian.com හි පලවී ඇත්තේ මෙසේය.
ලංකාවේ වත්මන් තත්ත්වය :
ලෝක පරිසර දිනය අභියසදි අප මෙම වාර්ථාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුත්තේ, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පහත කාරණා සැලකිල්ලට ගනිමිනි.
1- ලඳු කැලැ සහ අවශේෂ කැලැ හෙළිපෙහෙලි කිරිම නිසා ජල උල්පත් සහ පෝෂණ කලාපයට සෘජුවම සිදුවන බලපෑම.
2- ශ්‍රී ලංකාවේ වන ගහණය මුළු ඉඩම් ප්‍රමාණයෙන් 26%කට පමණ අඩුවීම.
3- මෙවැනි අභියෝගකාරි දේශගුණික විපර්යාසයන් සිදුවන වකවානුවක අප රටේ වී වගාව, එළවළු වගාව සහ වැවිලි භෝග සඳහා හදිසියේ කෘෂිරසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර වලින් සම්පූර්ණයෙන් ඉවත් වීම නිසා ඉදිරියේදි ඇතිවිය හැකි යැයි අනුමාන කරන වගා විනාශයට අප රටට කොපමණ ප්‍රමාණයකින් බලපායිද ?
##########
THE LEADER TV
ආණ්ඩුවට තවත් බරපතළ චෝදනාවක් !
විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !