ආණ්ඩුව විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නමින් නව පනතක් සම්මත කරමින්
අධ්‍යාපන ක්ෂේත්රයේ අයිතිවාසිකම් කප්පාදු කර පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) පැවැත්වූ සාමකාමී විරෝධතාව මැදට පොලිසිය කඩා පැනීම නිසා දැඩි නොසන්සුන්තාවයක් ඇතිවිය.
2018 වර්ෂයේ දී ජනතාවගේ විරෝධතා මැද රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් හකුලාගත් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් ආණ්ඩුව විසින් සම්මත කරගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි විරෝධතාකරුවන් පවසති.
පසුගිය මාර්තු 26 දින මේ සදහා කැබිනට් අනුමැතිය ලබා ගත් අතර හෙට දින (22) ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තුළ කොතලාවල පනත සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
වසංගතට මුවා වී සම්මත කරගැනීමට නියමිත නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දිනයේදී සංවිධානය කළ සාමකාමී විරෝධතාවයට ආණ්ඩුව විසින් පොලිසිය යොදවා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ලදී.
විරෝධතාවය පැවැත්වීමට සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරින් දිගටම බාදා කළ අතර පහර දීම්, බැන වැදීම්, තරජනය කිරීම් ද සිදුකරන ලදී.
අවසානයේ විරෝධතාව සඳහා ගෙනැවිත් තිබුණු පඹයකු ඇදගෙන යාමට තැත් කිරීමේදී සිසුන් ඊට දැඩි ලෙස විරෝධය දක්වන ලදී. පසුව විරෝධතාව සඳහා ගෙනැවිත් තිබූ මිනි පෙට්ටියක අනුරුවක් සිසුන්ගේ විරෝධය මැද පොලිසිය විසින් පැහැර ගෙන යනු දක්නට ලැබිණි.


කෙසේවෙතත් අද සවස ආණ්ඩුවට පක්ෂපාත මාධ්‍ය විසින් චෝදනා කරනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරි බවත් හෙට මේ සම්බන්ධව අධිකරණයට චෝදනා ගොනු කරන බවත්ය.
සාමකාමීව නිරෝධායන ක්‍රම අනුව පැවති ශිෂ්‍ය විරෝධතාවට පොලිසිය කඩා පැනීමේ දර්ශන පෙන්වමින් රාජ්‍ය මාධ්‍ය මෙන්ම රජයට පක්ෂපාති මාධ්‍ය මෙම වැරදි මතය ප්‍රචාරය කරන ලදී.
(සේයා රූ – ‘ලංකාදීප’ වෙබ් අඩවියෙන්)
(lankaviews.com)
THE LEADER TV
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
ජෙනරාල් ගෙදර යැව් වරායේ ලේඩි ඩොක්ටර්!