මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂට සෑම සුදුසුකමක් ම ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.
‘ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක්ද. එතුමාට සෑම සුදුසුකමක් ම තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා හිටියනම් මෙයාකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ’ යයිද ඔහු අවදාරණය කර සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මහුනවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති කරවීමටත්, ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපති කරවීමටත් මුල් වූයේ බැසිල් රාජපක්ෂ ම බවත්, ඒ සියල්ල ඔහුට කළ හැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමට ඔහුට අනිවාර්යයෙන් ම හැකියාව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
'බැසිල් සුළඟ'
බැසිල් රාජපක්ෂ හෙට (23) දිනයේ යලි මෙරටට ඒමට නියමිත බවත්, ඉන් අනතුරුව 'බැසිල් සුලඟ' 2024 ජනාධිපතිවරණ ප්රචාරක මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව 'බැසිල් සුළඟ' වැඩසටහන ආරම්භ කිරීමට තීන්දු කර ඇත්තේ ඉන්දන මිල යලි පහත දමමිනි.
##########
THE LEADER TV
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!