එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තෙක් අලුත් සන්ධාන සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි යයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම්දීමක් කර තිබේ. 

එසේම අලුත් සන්ධානයේ ලේකම් කවුරුන්ද යන කාරණය ඉතා තීරණාත්මක බව පවසා ඇති රවුෆ් හකීම්, එම තනතුර එක්සත් ජාතික පක්ෂය සතුව තිබීමේ වැදගත් කම ද පෙන්වා දී ඇත. 

එසේම, මනෝ ගනේෂන්, දිගම්බරම් හා රිෂාඩ් බද්දුර්දින් යන ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින් ද එජාපයේ අභ්‍යන්තර අවුල් විසඳා ගන්නා තෙක් ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇතයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අගෝස්තු 05 දා අත්සන් කිරීමට නියමිත සන්ධාන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්ට ආරාධනා කර තිබිනද ඔහු ඊට සහභාගිවී නොමැත.

කෙසේවුවද අගෝස්තු 05ද පක්ෂ කිහිපයක් සමග හෝ ගිවිසුම්ගත වීමට දැඩි තීන්දුවක් ගෙන ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ, එදිනට අදාල සංවිධාන කටයුතු රාජිත සේනාරත්න හා චම්පික රණවක අමාත්‍යවරුන්ට පවරා ඇත.

අගමැති කාර්යාලයෙන් ලැබෙන ආරංචි වලට අනුව, අගෝස්තු 05 එජාපය සමග ගිවිසුම් ගතවීමට මේවනවිට එකඟත්වය පළකර ඇත්තේ චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය හා චතුර සේනාරත්නගේ පක්ෂයයි. 

දැනට යෝජිත ගිවිසුමට අනුව, රාජිත සේනාරත්න  හා අර්ජුන රණතුංග අමාත්‍යවරුන් දෙදෙනා ආරම්භක සාමාජිකයින් ලෙස යෝජනා වී තිබේ.

රනිල් අවුලක: රාජිත සිවිල් චරිත සොයයි !

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඔහුට කැමති අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරගැනීම සඳහා අටවමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයේ හෝ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල සහයක් පලනොවිම හේතුවෙන් ඊට සිවිල් සංවිධාන කිහිපයක් හා සිවිල් චරිත කිහිපයක් එක්කර ගැනීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා  බලවත් උත්සහයක් දරමින් සිටියි.

අද (02) උදැසන සිය අමාත්‍යංශ ශ්‍රවනාගාරයට එවැනි සිවිල් සංවිධාන කිහිපයක් කැඳවූ අමාත්‍යවරයා අගෝස්තු 05 පිහිටුවන අලුත් සන්ධානයට එක්වන ලෙස ආයාචනයක් කර තිබිණ. රාජිත සේනාරත්නගේ සහයට චම්පික රණවක අමාත්‍යවරයාගේ නියෝජිතයෙක් ද මෙම අවස්ථාවට එක්ව ඇත. 

කෙසේවුවද කතානායක කරු ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට යෝජනා කරන සිවිල් සංවිධාන කිහිපයකට මෙම රැස්වීමට ආරාධනා කර ඇතත් ඒ කිසිවකුත් සහභාගිවී නොමැත.

මෙම සාකච්ජාවට එක්ව සිටි ජාතික මහජන සභාවේ නියෝජිත චමීර පෙරේරා එහිදී අදහස් දක්වමින්, රාජපක්ෂවරුන්ගෙන් එල්ලවී ඇති අභියෝගය පරාජය කිරීම සඳහා රටේ ජනප්‍රියම දේශපාලකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය  පැහැදිලි කර ඇත. දැනට අලුත් සන්ධානය සම්බන්ධයෙන් පවතින ව්‍යකුලත්ව නිසා ඊට එක්නොවන බව සඳහන් කර තිබේ.

එතනට රැස්ව සිටි සංවිධාන කිහිපයක්ම අලුත් සන්ධානය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර ඇති අතර අවසානයේ සංවිධාන කිහිපයක් හා පුද්ගලයින් කිහිප දෙනෙක් නව සන්ධානය එක්වීමට අගෝස්තු 05 අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්