එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පුළුල් පෙරමුණක් ගොඩනැගීමට සියයට සියක් එකඟ නමුත්,

එහිදී එජාපයට වැඩි බලයක් හිමිවිය යුතු බව අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

'ද ලීඩර්' වෙත ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කර සිටියේ, එවැනි සන්ධානයක ලේකම් ධුරය එජාපයට අනිවාර්යයෙන් ම හිමිවිය යුතු බවයි.

''ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. එතනදී පිහිටුවීමට නියමිත නව සන්ධානය ගැන ලොකු විවාදයක් තිබුණා. අපි පැහැදිළිවම සියයට සියයක් එකඟයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයක් පිහිටුවීම සඳහා. මොකද අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් පුළුල් පෙරමුණක් අවශ්‍යයි. ඒකේ කිසි විවාදයක් නැහැ. හැබැයි ඒ පෙරමුණ හදද්දී ව්‍යවස්ථාව තුළ එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය තියෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන තනතුර වන පක්ෂයේ මහලේකම් තනතුර, පෙරමුණේ මහලේකම් තනතුර එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි. ඒ සඳහා අපි පෙනී සිටියා. '' යයි ඔහු කියා සිටියි.

වැඩිදුරටත් කරුණු දක්වන ඇමතිවරයා,

Nalin Talk 

''ඒ විතරක් නෙවෙයි අපි මේ පෙරමුණ හදන්නේ විශේෂයෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. මේ ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරන්නේ කොහොමද කියන එක. ප්‍රාදේශීය සභා තෝරන හැටි, පළාත් සභා තෝරන හැටි, පාර්ලිමේන්තුවට තෝරන හැටි ව්‍යස්ථාවේ තියෙනවා. හැබැයි අපේ මූලික අරමුණ සඳහා මේකේ ඉඩ කඩ විවර කරලා නැහැ.

අපි දන්නවා මොන පෙරමුණ හැදුවත් වැඩක් නැහැ මේ මැතිවරණය ජයග්‍රහණය කරේ නැත්නම්. ඔය සුළු පක්ෂ බහුතරයක් ජනාධිපතිවරණයෙන් පස්සේ වෙන වෙන පැතිවලට විසිවෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙන්න ඕනේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වූ පෙරමුණක්. ඉතින් ඒ සඳහා තමයි අපි අපේ ඉල්ලීම් ඉදිරිපත් කළේ. මම විශ්වාස කරනවා විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා නම් කරනවාත් එක්කම පෙරමුණ හැදුවොත් තවත් පක්ෂ ගණනාවක් මේ පෙරමුණට එකතුවෙයි. සිවිල් සංවිධාන ගණනාවක් මේ පෙරමුණට එකතුවෙයි.

ඒකයි අපි කිවුවේ මේ කඩිමුඩියේ මේක කරන්නේ නැතුව ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපතිවරණය සඳහා අපේ අපේක්ෂකයා නම් කරලා ඒකට සමගාමීව මේ පෙරමුණ හදමු කියන එක. අපිට ගෝල්ෆේස් එක නෙවෙයි, පෝට් සිටි එක පුරවන්න පුළුවන් ජනතාවගෙන්. මේ ජනතාව ඉල්ලන, අපි බලාපොරොත්තු වෙන, රට බලාපොරොත්තු වෙන අලුත් ශ්‍රී ලංකාවක් හදන්න පුළුවන් නායකයාව ඉදිරිපත් කරොත්.

Sajith 2020 

මේක ආයිත් හංගන්න දෙයක් නැහැ. අපි උගුරට හොරා බෙහෙත් කන්න ඕනේ නැහැ. අපි දන්නවා රටම ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස. මේ ජාති, ආගම්, කුළ, පක්ෂ පාට භේදයකින් තොරව පොහොට්ටුවේ ඉන්න ගමේ අහිංසක ජනතාවත් විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස ආවොත් තමන්ට යමක් කමක් ලැබෙයි. රට දියුණු වෙයි, ගම දියුණු වෙයි. තමන්ට හිසට වහලක් ලැබෙයි, හිතට නිවනක් ලැබෙයි කියලා.

ඉතින් ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව නම් කරලා, ඊට පස්සේ හදන පෙරමුණක් තමයි උචිත කියලා විශ්වාස කරනවා. අපිට පෙරමුණක් අවශ්‍යයි. නමුත් මේ හදල තියෙන පෙරමුණේ ව්‍යවස්ථාව අපිට පිළිගන්න බැහැ කියන කාරණය. ඒ වෙනුවෙන් තමයි අපි කතා කරේ.

 

''ව්‍යවස්ථාවට පක්ෂව දිනු ඡන්දයක් නැහැ ''

සමහර මාධ්‍යවල මම දැක්වා ව්‍යවස්ථාවට පක්ෂව අච්චරක් මෙච්චරක් ඡන්දය දුන්නා කියලා. ඒක තනිකරම බොරුවක්. අපි පැහැදිළිවම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිව්වා. මේ ඡන්ද ඉල්ලීමක් බලාපොරොත්තු වෙන්න එපා. මෙතන බෙදීමක් කරන්න එපා පක්ෂය තුළ කියලා. නමුත් අපි පැහැදිළිවම මේකට පක්ෂව විසි ගානක් කතා කළා. අදහස් දැක්වුවා. ඒ නිසා අපි නව පෙරමුණේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු පෙන්නුම් කරා. ඒ සඳහා ප්‍රබල හඬක් නැගුවා.

Ranil UNP 

මම හිතන්නේ ඒ නිසා තමයි ගරු අගමැතිතුමා අපිට දීල තියෙන්‌නේ අවස්ථාවක් මේ ව්‍යවස්ථාව සඳහා සංශෝධන ඉදිරිපත් කරන්න. සමහරු කියන විදිහට ව්‍යවස්ථාව සම්මත වුනා නම් සංශෝධන ඉදිරිපත් කරන්න කියලා එතුමා අවස්ථාව දෙන්නේ නැහැ. සම්මත වුණේ නැති නිසා තමයි සංශෝධන ඉදිරිපත් කරන් දින දෙක තුනක් දීල තියෙන්නේ.

ඒ නිසා මම විශ්වාස කරනවා මේක හරියට අවබෝධ කරගන්න. අපි සන්ධානයකට පෙරමුණකට එකඟයි මේ කෙටුම්පත් කරලා තියෙන ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ වෙන්න බැහැ.

මම හිතන්නේ ගරු අගමැතිතුමා මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. එතුමාව කුණු කූඩෙට දාන්න කියලා අපි කාටවත් කියන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිම නායකයෙක් කියන්නේ නැහැ. එතුමත් ඉන්න ආණ්ඩුවක් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න ඕ නේ. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනා එකමුතු වුණොත් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්