1200 x 80 DMirror
 
 

දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණය කළ අපහාසයක් බවත්, මේ රට නීතියක් නොමැති රටක් බවට ලෝකයා
හමුවේ තහවුරු වන බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
 
'සමගි ජන බලවේගයේ' මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට තිබේ.
 
ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය බව එම නිවේදනය මගින් අවදාරණය කර සිටින සජබ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වන බව කියා සිටියි.
 
එකි සමාව ලබාදීමට ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇද්දැයි නීතිඥ සංගමය නගන ප්‍රශ්න තුලින් ගැටලුවක් ද පැන නගි.
 
 
''වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ආණ්ඩුව නම් මම යැයි සිතමින් බව පෙනේ. පාර්ලිමේන්තුව අධිකරණය තමාට රිසි පරිදි ක්‍රියා කළ යුතු බව එතුමාගේ ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කෙරේ.'' -සජබ 
 
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට බරපතළ අනතුරකි. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න කරමින් සිටි. යුරෝපා සංගමය පසුගියදා සම්මත කළ යෝජනාව තුල රටේ අනාගත ආර්ථිකයය ද විශාල අභියෝගයකට ලක්ව තිබේ.
 
දේශපාලන පලිගැනීම් පිලිබද ජනාධිපති කොමිසම යනුවෙන් අපකීර්තිමත් කොමිසමකින් නිර්දේශයන් ලබා ගනිමින් අධිකරණය ලබාදුන් තීන්දු වෙනස් කිරිමට නීතිපතිතුමාට බලපෑම් එල්ල කොට තිබේ. අමාත්‍ය මණ්ඩලය හරහා අධිකරණ තීන්දු වෙනස් කරලිමට උත්සාහ දරයි.
 
මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන්නේ රටේ නීතියක් හෝ ශීලාචාර පැවැත්මක් නොමැති තැනකට රට ගෙන යන බවයි.
 
 
ත්‍රි පුද්ගල මහාධිකරණයක් මගින් නියම කල දඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් තහවුරු කල දඩුවමක් මෙලෙසට විධායක බලය යොදා වෙනස් කරන්නෙනම් පැහැදිලිවම එය රටේ යහපාලනය පිලිබදව ප්‍රශ්නයක් ඇති කරන්නකි.
 
 
මෙම සිදුවිම ඉතාමත් සංවිධානාත්මකව සිදු කල බව නොරහසකි. දේශපාලන පලිගැනීමේ කොමිසමට කිසිසේත් අදාළ නොවන දුමින්ද සිල්වාගේ නඩුකරය කොමිසමේ කාර්ය අවසන් වන මොහොතේ බාර ගැනීමත් ඒ සා බරපතල තීන්දුවක් දේශපාලන පලිගැනීමකට ලඝු කිරිමට කටයුතු කිරිම මෙම තීන්දුව දුන් එවකට කටයුතු කල අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරුතුමන්ලාට ද කල අපහාසයකි.
 
දුමින්ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම ද මෙම නිර්ලජ්ජිත තීරණය ගැනීමට පසුබිම සැකසිමක් බව පැහැදිලි වේ.
 
රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින පිරිහීමට ලක්කරන ආණ්ඩුව මෙම ක්‍රියාව තුලින් ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් අපගේ මාතෘ භුමිය තව දුරටත් හුදකලා කරනු ඇත.
 
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය ලබාදුන්නේ නීතිය තමාට ඇවැසි ලෙස භාවිතා කිරිමට නොවේ.
 
 
දුමින්ද සිල්වාට එල්ල වුයේ මිනිමැරුම් චෝදනාවකි. එම මිනිමැරීම තුල වින්දිත පාර්ශ්වයක් ද සිටි. ආණ්ඩුව තමාගේ දේශපාලන හිතවතාට සමාව දෙමින් සිදුකරනුයේ වින්දිත පාර්ශ්වයන්ට නීතියෙන් ලබා දුන් සාධාරණත්වය අහිමි කිරිමයි. මෙවැනි සිදුවිම් සිදුවිය හැක්කේ ගෝත්‍රික වැඩවසම් වහල් පාලනයක් තුල පමනි.
 
 
තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
 
ජනාධිපතිවරයා ⁣දුන් මෙම වැරදි පූර්වාදර්ශය තුලින් රටේ අනාගතය අනතුරකට හෙලා ඇත. එබැවින් වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරමු.''
 
 
නීතීඥ සංගමය ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි
 
 
මේ අතර, මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේ කොතැනද යන ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
 
මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
 
එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් ජනපතිවරයා වෙත අවධාරණය කර සිටියි.
 
 
bar association 1bar association 2
 
 
 
##########
 
 
THE LEADER TV 
සබ්‍රි අප්සට් දුමින්ද නිදහස්! 
 
 
 
චීන හමුදා හම්බන්තොට?- ඉන්දිය ඩ්‍රෝන හමුදා වට කරයි ?
 
 
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්