මිනීමැරීමට වරදකරු වී එල්ලුම් ගසට නියමවී සිටි ජනාධිපති ආරක්ෂක ලේකම් සමයේ
ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා, මහින්දාගමනය සිදුවූ පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් නිදහස් කර යැවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙස් විදෙස් විරෝධයට මුහුණ පා සිටී.  
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර 2011 දී ඝාතනය කිරීමේ වරදට තවත් දෙදෙනකු සමග සිරගත කරන ලද දුමින්ද සිල්වා “විශේෂ ජනාධිපති සමාවක් යටතේ” අද නිදහස් කරන ලද බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක දැනුම් දී තිබුණි.
 
අනෙක් දෙදෙනා නිදහස් කරන ලද්දේ දැයි දැනගැනීමට නැත.
 
මහාධිකරණයෙන්ද එවක අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින්ද වරදකරු කරන ලද හිටපු අධීක්ෂණ මන්ත්‍රී නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධය පලකරන දිවයිනේ ප්‍රධානතම නීතිඥ සභාව ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කොට තිබේ.
 
සමාව දීමේ බලය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපති වරයාට පවරා ඇති නමුත්, අධිකරණයෙන් හා නීතිපති වරයාගෙන් උපදෙස් ද, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ද ලබා ගැනීමෙන් තොරව  මරණ දණ්ඩනයට නියම වූ අයකු මුදා හැරීම සිදු කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
  
එම බලය “අත්තනෝමතික ලෙස, අභිමත පරිදි” යොදා ගත නොහැකි බව බවසන නීතිඥ සංගමය, ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකුලව කටයුතු කළේදැයි මහජනතාවට දැනගනු පිණිස පිළිතුරු දෙන මෙන් ඉල්ලා ජනාධිපති වරයා වෙත ප්‍රශ්න හයක් යවා තිබේ.
 
අ) ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ සමාවක් ප්‍රදානය කිරීමට දුමින්ද සිල්වා තෝරාගත්තේ කුමන පදනමකින්ද?
ආ) එවැනි සමාවක් දීමට සැලකිල්ලට ගන්නා ලද්දේ කවර වාතාවරනයක්ද?
ඇ) දැනට සිර දඬුවම් ලබන අනෙක් අය අතරින් දුමින්ද සිල්වාගේ සංසිද්ධිය සුවිශේෂී වීමට හේතු කාරනා මොනවාද?
ඈ) දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට මත්තෙන් 34 (1) වගන්තියේ සලසා ඇති කොන්දේසි ප්‍රකාර අතිගරු ජනාධිපති වරයා විසින් නඩුව විභාග කළ විනිශ්චයකාරවරුන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටින ලද්දේද, එසේනම් එම වාර්තාවේ අඩංගු කරුණු කවරේද?
ඉ) දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට මත්තෙන් නීතිපති වරයාගේ උපදෙස් ඉල්ලා සිටින ලද්දේද, එසේනම් එම උපදෙස් කවරේද?
ඊ) දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට මත්තෙන් අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශයක්  ඉල්ලා සිටින ලද්දේද, එසේනම් අධිකරණ අමාත්‍යවරයා විසින් එවන් නිර්දේශයක් දෙන ලද්දේද?
 
 
“ඉහත දැක්වෙන කරුණු එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සපුරා නැතිනම්, දුමින්ද සිල්වාට ප්‍රදානය කළ සමාව අසාධාරණ සහ අත්තනෝමතික බවත්, එය නීතියේ ආධිපත්‍යය ඛාදනය වීමට සහ යුක්තිය පසිඳ ලීම සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වනු ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පිළිගැනීමයි,” යනුවෙන් සංගමයේ ලේකම් රජීව් අමරසූරිය විසින් අත්සන් කර ඇති නිවේදනයක දැක්වෙයි.
 
 
 
එක්සත් ජනපද තානාපතිනියගේ විරෝධය :
 
ඇමරිකා එක්සත් ජනපදයද දුමින්ද සිල්වාගේ නිදහසට විරෝධය පල කර තිබුණි.
 
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සිරකරුවන් කලින් නිදහස් කර යැවීම ගැන අපගේ ප්‍රසාදය හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී අනුමත කරන ලද දඬුවමකට යටත් කොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර යැවීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙලයි,” යනුවෙන් කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි අලානා ටෙප්ලිට්ස් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
 
detrt
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු පෝරකයෙන් මුදවාගත් දෙවැනි පුද්ගලයා දුමින්ද සිල්වායි.
 
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකු යාපනයේ මිරුසුවිල්හිදී සමූහ ඝාතනය කිරීමට මරණ දණ්ඩනය නියමව සිටි හමුදා සෙබල සුනිල් රත්නායක පසුගිය අප්‍රේල් මාසයේ ජනාධිපති සමාව ලබා නිදහස් කරනු ලැබීය.
 
එවන් අවස්ථාවලදීද නීතිඥ සංගමය ඇතුළු දෙස් විදෙස් සංවිධාන වල විරෝධය පල විය. 

 

 

 


 

THE LEADER TV 
 

ස' කොටු කරන්න රනිල් ඇටවූ උගුල!

 

 

 

සබ්‍රි අප්සට් දුමින්ද නිදහස්! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්