යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිරෝධායන කාල සිමාවෙන් පසු පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බවත් ඒ වෙනුවෙන් එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඉල්ලා අස්වීමට නියමිත බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එසේ ඉල්ලා අස්වන ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඕස්ටේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.
 
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, පසුව කොළඹ නීති පීඨයට ඇතුළත්ව නීති උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දී තිබේ.
 
ඔහු ජනාධිපති නීතිඥයකු ලෙස දිව්රුම් දී ඇත්තේ 2010 වසරේ දී ය.
 
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පැවරු නඩු කටයුතු වලදී ඔහු රාජපක්ෂවරුන්  නීතිමය දායකත්වය ලබාදුන් අයෙකි.
 
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක ලෙස ද කටයුතු කර ඇත.
 
 
 
cDA5H3VE 400x400 
මොහොමඩ් ෆලීල් මර්ජාන්
 
 
මේ අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසුයේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ද කැමැත්ත පළකර ඇති බවයි.
 
බිලියන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෆලීල් මර්ජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙකි. 
 
එළඹෙන ජූලි මස මුලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව පොදු ජන එක්සත් පෙරමුණට හිතවාදී අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් සහ එම පෙරමුණට හිතවත් සමජ මාධ්‍යය ජාලා කිහිපයක් වාර්තා කර තිබේ.
 
basilve
 
මේ සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණෙහි බැසිල් රාජපක්ෂට හිතවාදී ක්‍රියාකාරිකයෙකු ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා ලීඩ්' වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, රට මුහුණ දී තිබෙන අර්බූදයෙන් ගැලවාගැනීමට අවශ්‍යය ප්‍රභල ඇමති තනතුරුත් බැසිල් රාජපක්ෂ විසින් බාරගනු ලැබීමට ඉඩ ඇති බවයි.
 
ඔහු තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
''බැසිල් මහතාගේ දේශපාලනය පසුගිය කාලය පුරාම සිදු වූයේ පාර්ලිමේන්තුවෙන් පිටතදීයි. එහි තේරුම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන දිවිය සැමදාටම පාර්ලිමේන්තුවෙන් පිටතටම සීමා වෙනවා කියන එක නොවෙයි. සෑම දෙයටම නිෂ්චිත කාලයක් තිබෙනවා. එම නිෂ්චිත කාලය ඉදිරියේදී උදාවෙනවා. 
 
  
''මේ රටේ ප්‍රගතිශිලී ජනතාව එතුමාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා සිටින දවසක් නුදුරේදීම උදා වෙනවා. තෙල් මිළ වැඩිකරන අවස්ථාවේදී එතුමා රජයේ තීරණාත්මක ඇමති තනතුරක් නොදැරීමේ විපාක රටක් ලෙස භුක්ති විඳිනවා. පක්ෂයක් ලෙස අපවාද විඳිනවා.''
 
 
පොදු ජන එක්සත් පෙරමුණ කල්ලි කණ්ඩායම් වලට අනුව නැටවෙන පක්ෂයක් නොවන ලෙස මහ පොලොවේ සිටුවීමට එතුමාගේ දුර දක්නා නුවන සහ ආර්ථිකය පිළිබඳ එතුමාගේ හසල දැනුම වැදගත් වෙනවා. 
 
ඒ විතරක් නොවේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව රාජපක්ෂවරුන්ට දක්වන ආදරය සහ ඔවුන් කෙරෙහි දක්වන විශ්වාසය ඉදිරියටත් තබා ගත හැකි දැනට ක්‍රියාකාරී රාජපක්ෂවරුන් අතර එතුමා පෙරමුණෙහි සිටිනවා. 
 
ඒ අනුව එතුමා පාර්ලිමේන්තු ඒවි, රට මුහුණ දී තිබෙන අර්බූදයෙන් ගැලවාගැනීමට අවශ්‍යය ප්‍රභල ඇමති තනතුරුත් ගනීවි. හැබැයි ඒවා සියල්ල සිදුවන්නේ නිෂ්චිත මොහොතක. ” . 
 
 
##########
THE LEADER TV 
සියගණනක් මරු කටට යැවූ එන්නත්කරණයට විරෝධය! - බැසිල්ටත් චෝදනා
 
ස' කොටු කරන්න රනිල් ඇටවූ උගුල!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්