1200 x 80 DMirror
 
 

ජනපතිවරයා අද (25) ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු කිහිපයකට විසඳුම් දෙනු ඇතැයි,
අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
 
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මේ වනවිට ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට එහිදී විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.
 
 
1-  පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
 
2-  පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතව සිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
 
3-  එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් සැකසීම සහ නෞකා අනතුරෙන් විනාශ වූ පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
 
4-  ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත් දරුවන් වෙනුවන් ඉතා කඩිනම් විසඳුම් ලබා දීම.
 
5- කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම).
 
6- කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම.
 
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම කරුණු සඳහන් කළේ අද(25) සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී ය.
 
 
 
 
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දී ඔහුගේ විශේෂ අවදානය යොමුකරනු ඇත්තේ කාබනික පොහොර අර්බුදය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ජනතාව වෙත පැහැදිලි කිරීමට බවයි.
 
පොහොර සම්බන්ධ රජයේ ස්ථාවරය කෘෂිකර්ම ඇමතිවරයා හැර වෙනත් කිසිවකු විසින් ජනතාවට පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් නොකිරීම ජනාධිපතිවරයාගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි ද පැවසේ. 
 
ජනාධිපතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රුපවාහිනී නාලිකාවල විකාශය කරන්නැයි ජනධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි විසින් සියලු විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලිමක කර තිබේ.
 
 ss 
 
 
 
##########
THE LEADER TV 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 
 
සියගණනක් මරු කටට යැවූ එන්නත්කරණයට විරෝධය! - බැසිල්ටත් චෝදනා
 
 

subscribeYT

subscribeYT

නවතම පුවත්