හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති
බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවත්,  අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවත් ඉහත ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
 
ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පිහිටුවනු ඇතැයි පැවසේ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන පරිත්‍යාග කිරීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුම කැමැත්ත පළ කර ඇත.
 
එසේ කැමැත්ත පළකර ඇත්තේ, ජයන්ත වීරසිංහ, සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ය. 
 
ජිවන වියදම් කමිටුව විසින් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලවත් විරෝධයක් මතුකර තිබු අතර බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධුරයට පත්වූ මොහොතේම එම මිල යලි පහලදමනු ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තුව වී ඇත. 
 
  
 
##########
THE LEADER TV 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 
 
සියගණනක් මරු කටට යැවූ එන්නත්කරණයට විරෝධය! - බැසිල්ටත් චෝදනා
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්