1200 x 80 DMirror
 
 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
 
ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.
 
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.
 
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
 

 
 චන්න ජයසුමනගේ මිලියන 200 නිවස ?
 
 
Asela cnews
 
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තාකර ඇත්තේ, අසේල සම්පත් අත්අඩංගුවට ගෙන ඇත්තේ, 
ඇස්ට්‍රා සෙනිකා එන්නත් මිශ්‍ර කර එන්නත් කරන බව කියමින් එන්නත්කරන වැඩපිළිවෙල ගැන ජනතාව නොමග යන ආකාරයේ ප්‍රකශ නිකුත් කිරීමේ හා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බව අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත බවයි.
 
අදාල නිවස සම්බන්ධයෙන් මෙහිදී ඔහු දන්නා කරුණු විමසීමට නියමිත අතර එසේ නොහැකි වන්නේ නම් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔහු පෙළඹුවේ හා උපදෙස් දෙනු ලැබුවේ කවුරුන්ද යන වග ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
අසේල සම්පත් උක්ත ප්‍රකාශ සිදු කරන අවස්ථාවේදී, ''අද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මට්ටමින් හෝ පවතින්නේ හිටපු අමාත්‍යවරයාගේ කැප වීම නිසා බව'' සඳහන් කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
දියණියගේ වීඩියෝව :
 
කෙසේ වෙතත් අසේල සම්පත්ගේ දියණිය සමාජමාධ්‍ය වෙත ඊයේ (25) රාත්‍රී සජීවී ප්‍රකාශයක් මුදාහරිමින් සඳහන් කර සිටියේ, සිය පියා වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය බවයි.
 
එම පිරිස තමන් කවුරුන්ද යන්න අනන්‍යතාවය තහවුරු කිරීමේ හැඳුනුම්පතක් හෝ නොපෙන්වූ බවත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බව සඳහන් කළත් තම පියා රැගෙන යන්නේ කුමන තැනකටදැයි හෙළි නොකළ බවත් ඇය එහිදී සඳහන් කළාය.
 
 
 

 
බරපතල විවේචනයක් !
 
 
චෝදනා කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවට බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ.
 
ඒ සම්බන්ධයෙන් 'ස්වර්ණවාහිනියේ' අද උදැසන 'පත්තරේ' වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධවූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකුල අන්දමින් සිදුව ඇති බවයි.
 
 සිවිල් ඇඳුමින් සැරසුන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇත්තේ පිළියන්දල පොලිසියේ නිලධාරීන් සමග බව ද ඔහු සඳහන් කළේය. 
 
එසේම අසේල සම්පත්ගේ දියණිය සඳහන් කරන වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාහනයක් බවද ඔහු කියා සිටියේය. 
 
 

THE LEADER TV 
 
 
ජාතික ආරක්ෂාව තහවුරුයි - ජනාධිපති කියද්දී : නාඳුනන පිරිසක් අසේල සම්පත්ව පැහැරගෙන ! 
 
වෙරළට ගොඩගසන කැස්බෑ, තල්මස් ගැන ආණ්ඩුවෙන් හතර බීරී ටෝක්ස් !
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්