නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්න් විසින් තමන් ධූරය දැරූ වසර 2ක කාලය ඇතුළත තමන් රටට කළ වැඩ සියල්ල විනාඩි 2ක් ඇතුළත සිය රටවැසියන්ට ඉදිරිපත් කිරීමට 2019 වසරේදී කටයුතු කළාය.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගනු ලැබිය.
 
මෙම වීඩියෝවට මෙරට අවධානයක් හිමිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) දිනයේ ජාතිය අමතා තමන්ගේ ධූර කාලයේ සිදු කළ වැඩකටයුතු සම්බන්ධයෙන් කළ කතාව මිනිත්තු 69ක පමණ දිගු කතාවක් වීම නිසාය.
 
 
 

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) ජාතිය ඇමතීම සමාජ මාධ්‍යවල දැඩි සංවාදයකට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන දේශපාලන විශේලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ සඳහන් කර ඇත.
 
 
Kusal 2021
''ජනපතිගේ කතාවේ එක එක කොටස වෙන වෙනම ගෙන කතා කිරීමේ අරුතක් මා දකින්නේ නැත. 
 
සමස්ථයක් ලෙස ගත් විට, එය ඔහුගේ ආණ්ඩු පාලනය අසාර්ථක යැයි හැම තැන කෙරෙන විවේචන, ඇගයීම් වෙනුවෙන් අසාර්ථක නැතැයි කීමට කෙරුණු හේතු දැක්වීමකි. 
 
කෙටියෙන් කියන්නේ නම්, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ මූලික චෝදනා දෙක - (1) වර්ධනය වන ආර්ථික අර්බූදයට විසඳුම් කිසිත් නැත යන්නත් (2) කොරෝනා පාලනය ආරම්භයේ සිටම අසාර්ථක යැයි කළ ප්‍රකාශයටත් උත්තර දීමකි. 
 
ඒ උත්තර බාර ගත හැකිද නොහැකිද යන්න ජනතාවට ඉතිරිවන ඊළඟ ගැටළුවය.
 
 
( උපුටාගැනීම් : news19.lk -පබසරා කම්මැල්ලවීර)
 
 
 
THE LEADER TV 
 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්