කොවිඩ් – 19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ආණ්ඩුව මේ වනවිට රුපියල් බිලියන 4000ක් වැය කර ඇති බව
මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරන අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ඒ වෙනුවෙන් ආණ්ඩුව රුපියල් බිලියන 660ක් වැය කර ඇති බවය.
මුදල් රාජ්‍ය ඇමතිවරයාගේ සංඛ්‍යා දැක්වීමට අනුව ඒ වෙනුවෙන් රුපියල් කෝටි ලක්ෂ 04ක් වැය කර ඇති බව කියයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් කෝටි 66,000ක් වැය කර ඇති බවය.
ජනාධිපතිවරයාගේ කතාවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණේ මෙසේය
“ඒ අනුව සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයන්ට ණය කල් ගැනීම් පහසුකම් සපයන්න රජය රුපියල් බිලියන 400කට වඩා වෙන් කළා.” යනුවෙන් එක් අවස්ථාවක ප්‍රකාශ කර ඇත. එනම් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් රුපියල් කෝටි 40,000ක් වෙන් කළ බවය.
එසේම ජනතාවට සහන සැපයීම වෙනුවෙන් “කොරෝනා අර්බුදය පටන්ගත් දා සිට මේ වනතුරු රුපියල් බිලියන 260කට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වියදම් කොට තිබෙනවා.” යනුවෙන් දක්වා තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ව්‍යාපාරිකයන්ට සහන සැලසීම වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 400 සහ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති බිලියන 260 යනවැය ශීර්ෂයන් දෙකම එක්වූ විට ආණ්ඩුව රුපියල් බිලියන 660ක් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමට යොදවා ඇත.
##########
THE LEADER TV
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !