සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාරවල සතියකට සිදුකරන PCR පරීක්ෂණ සමාන්‍ය ගණන 55,000ටත් අඩු බවත්,
වසංගතයේ පැතිරීමට අනුව දිනකට පරීක්ෂණ 50,000 කට වඩා සිදු කල යුතු බවත් මෙරට ප්‍රකට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් පවසයි.
 
නැවත වතාවක් පසුගිය මාර්තු මාසයේදී සිදු වූ වරද, නැවත සිදුවෙමින් පවතින බවත්, දිනකට පරීක්ෂණ හත් දහසක් සිදු කර, සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාවක් නැති බවත් පවසන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයයි.
 
එම සංගමයේ ප්‍රධානි රවී කුමුදේශ් එබව සඳහන් කලේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 
''ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඉතා හොඳින් රසායනාගාරවල සිදුකෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වැරදි මාර්ගෝපදේශ පාවිච්චි කරමින්, රෝහල් බලධාරීන් සහ ඊනියා විශේෂඥයින්, එය අයාලේ යන්නට ඉඩ හැරලා. ප්‍රතිදේහ පරීක්ෂණ නැතුව ශල්‍යකර්ම නැහැ. හදිසි ප්‍රතිකාර නැහැ. වාට්ටු වල ක්ෂණික ප්‍රතිදේහ වලට නිදර්ශක ගන්න කෙනෙකුත් නැහැ.  ප්‍රතිකාර නැතුව රෝගීන්ට මිය යෑමට සිදුවෙලා.
 
ස්ථානීය පරීක්ෂණ යන්ත්‍ර සහ ජංගම වෛද්‍ය රසායනාගාර ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට කොතරම් කීවත් එය ඉටු වූයේ නැහැ. අපි ජාත්‍යන්තර  ආයතන වලට ලිව්වා. ලංකාවේ ධානපතියන්ට කිව්වා. මේ වන විට ප්‍රතිපාදන ලැබෙමින් පවතිනවා. ලැබුණු ප්‍රතිපාදන වලින් වැඩේ කර ගන්න බැරුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් ලතවෙනවා.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
 
ආසාදිතයින් සංඛ්‍යාව 251,727ක් දක්වා ඉහළට !
 
 
ඊයේ  දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,801 ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
 
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 251,727ක් දක්වා ඉහළගොස් තිබේ.
 
ajtaeng 
 
 
 
##########
THE LEADER TV 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට! 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image