රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්
ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අවදාරණය කර සිටි බව 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.
 
කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇති බවද ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කර තිබේ.
 
මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද ඔහු අවදාරණය කර ඇත. 
 
ඉදිරියේ දී තවදුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පවසන ශ්‍රීලනිප ලේකම්වරයා, මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද සඳහන් කර තිබේ.
 
කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බවද අමාත්‍යවරයාගේ අදහස යයි 'ලංකා සී නිව්ස්' වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 

 
 
 
 
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘ - ජනාධිපති 
  
කෙසේවුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කර සිටියේ, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැති බවයි.
 
එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
මෙම තීරණය නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාල බවත් ජනාධිපතිවරයා කීවේය.
 
රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ මේ බව කියා සිටියේය.
 
ghbvndfc

 

 

 


 

THE LEADER TV 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්