එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ
එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත.
 
පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.
 
මෙම වීඩියෝවේ දැක්වෙන ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ය.
 
කළමනාකරු ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද මොහාන් ද සිල්වා කීවේය.
 
ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇත.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පැවසුයේ, එංගලන්තයේ සංචාරක නිරතවෙන අතුරතුර ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කළමනාකරුගෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවය.
 
 
 
 
(ලංකාදීප)
 
##########
 
 
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්