සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට
බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී.
 
ජුනි 25  දින රාත්‍රියේ නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින් සැරසුණු 20ක පමණ පිරිසක් කිසිදු හේතු දැක්වීමකින් තොරව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැදවුම්කරු අසේල සම්පත් පැහැර ගෙන ගිය බවට ඔහුගේ පවුලේ ඥාතීහු චෝදනා කරති.
 
 
 
 
 
ජනාධිපතිවරයා ජාතිය අමතන අවස්ථාවේ සිදුවූ එම බලෙන් රැගෙන යාම සමාජ මාධ්‍ය ඇතුලු මාධ්‍ය ජාලා අවුලුවා ලීමත් සමග ක්‍රියාධරයා තමන් බාරයේ සිටින බව පොලිසිය විසින් අනාවරණය කරන ලදී.
 
පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් සහ පිලියන්දල පොලීසියේ නිල ඇදුමින් සැරසුණු නිලධාරීන් ඔහුට විරුද්ධව ලැබුණු පැමිනිල්ලකට අනුව අසේල සම්පත්ව නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගත් බවයි.
 
තමන් අත් අඩංගුවට ගැනීමේ නීති විරෝධී භාවය සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට ජාත්‍යන්තරය හමුවට යන බව සමාජ ක්‍රියාධරයා පවසයි.
 
 
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව පෙන්වා දෙන්නේ අසේල සම්පත්ගේ පවුලේ අයට අනූව මෙය පැහැර ගැනීමක් වන අතර නිල පොලීසියට අනූව නිත්‍යානුකූල අත්අඩංගුවට ගැනීමක් බවයි.
 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැහැරගනු ලැබු ගනු ලැබූ සිවිල් සමාජ ක්‍රියාකාරී අසේල සම්පත් ඇප මත මුදා හැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ජුනි 26 පසුවරුවේ නියෝග කර තිබුනි.
 
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පවසන්නේ, එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වීම් සම්බන්ධ ක්‍රියාකාරී  කමිටුවේ සංඛ්‍යා ලේඛන අනුව අතුරුදහන්කරවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානය හිමිව තිබෙන තත්වය යටතේ අසේල සම්පත්ගේ පැහැරගැනීම වාර්තා වූ විට අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව මහත් කම්පනයට හා භීතියට පත්ව සිටින බවයි.
 
 
එසේ වන්නේ ඇයි?
 
 
britoබ්‍රිටෝ ප්‍රනාන්දු
 
 
1989 දකුණේ භීෂණයේදී සහ තිස්වසරක යුද්ධයේදී ලත් අත්දැකීම අනුව බලහත්කාරයෙන් පැහැරගෙන යාම අතුරුදහන් කරවීමේ මූලික පියවර වීම එම භීතියට හේතුව බව ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාධරයා පෙන්වා දෙයි.
 
"හමුදාවෙන් සහ පොලීසියෙන් යැයි හදුන්වා දෙමින් එසේ පැහැරගත් බහුතරය රහසිගතව රඳවා තබා පසුව ඝාතනය හෙලි නොවන පරිදි අතුරුදහන් කරවීමයි. එහෙත් අත්අඩංගුවට ගත් බව කිසිවෙකු පිලිගත්තේද නැත. "
 
අසේල සම්පත්  අද මුහුණ දෙන්නේ අතුරුදහන් කරවීමේ පලමු පියවරට බවයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව පවසන්නේ.
 
පුද්ගලයකු තාවකාලිකව හෝ අතුරුදහන් කරවීම ඔවුන්ගේ ඥාතීන්ට බරපතල මානසික පීඩාවක් ගෙනදෙන්නක් බව මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙයි.
 
"ඔහුගේ පවුලේ අය මොහොතකට හෝ ඔහු බලහත්කාරයෙන් පැහැරගත් බව ප්‍රකාශ කරන විට ඔවුන්ගේ සිතුවිල්ල වන්නේ ඔහු අතුරුදහන්වී ඇති බවයි. මොහොතකට හෝ අතුරුදහන්වීම යනු එම ඥාතීන්ට සිදුකෙරෙන බරපතල මානසික පීඩාවකි."
 
 
රාත්‍රියේදී  අත්අඩංගුවට ගැනීම
 
 
sarath rishad sampath සරත් ෆොන්සේකා - රිෂාඩ්  බද්යුදීන් - අසේල සම්පත් 
 
 
දරුණු අපරාධකරුවන් සේ සලකා රාත්‍රී කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව පෙන්වා දෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය රිෂාඩ්  බද්යුදීන්, අසේල සම්පත් මෙන්ම රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බොහෝ සිද්ධීන්  මතකයේ ඇති බවයි.
  
"මාධ්‍යවේදී රිචඩ්  ද සොයිසා, නීතීඥ ලියනාරච්චිද 89දී මෙසේ අත්අඩංගුවට ගෙන අතුරුදහන්වීමේ අනෙක් පියවරයන්වලට භාජනය වී කිසිදු තොරතුරක් නොතබා අප අතරින් සදාකාලිකවම අතුරුදහන් විය (පසුව රිචඩ්ගේ  මලසිරුර මොරටුව කොරලවැල්ල මුහුදු තීරයෙන් හමුවිය"
 
 
මෙවැනි බොහෝ සිද්ධීන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් ද වාර්තා වී ඇති බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව පෙන්වා දෙයි.
 
මේ ආරම්භ වන්නේ අතුරුදහන් කරවීම් යලි ඇරඹීමේ මූලික පියවරයන් බවට අනතුරු අගවන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව සිය නිවේදනය මගින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් පිලිගන්නා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණලා, එසේ අත්අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරියේදී ගතවන කාලය රදා පවතින්නේ සමාජයේ මෙවැනි වූ පැහැරගැනීම්වලට මතුකෙරෙන පොදු විරෝධය මතම පමණක් බවයි.
 
"පසුගිය අත්දැකීම්වලදී රටේ බොහෝ නිවෙස්වලින් ඇසුණු පැහැරගැනීම් පිළිබදව විලාපයන් අද අසේල සම්පත්ගේ දියණියගෙන් මොහාතකට හෝ ඇසුණත්, ඉදිරියේදී බොහෝ නිවෙස්වලින් රාත්‍රී කාලයේදී ඇසීමට ඉඩ නොතැබීම අප සියඵ දෙනාගේ වගකීමයි. "
 
බොහෝ දෙනාට නොතිබූ වාසනාවක් ලැබ අසේල සම්පත්  උසාවිය මගින් ඇප මත නිදහස් කලත් මොහොතකට හෝ පැහැරගැනීම සිදු වූ බව අමතක නොකළ යුතුයැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව අවධාරණය කරයි.
 
 
 
 
##########
 
 
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්