සේවකයකු ආයතනයක් තුළ සතියකට වැඩ කළ යුතු දින ගණන හතරකට සීමා කළ යුතු බවට ජපන් රජය නිර්දේශ කර තිබේ.
 
ජපාන රජය සිය වාර්ෂික ආර්ථික ප්‍රතිපත්ති මාර්ගෝපදේශ එළිදක්වමින්, සමාගම් වලට නිර්දේශ කර ඇත්තේ, දැනට සාමාන්‍යයෙන් සිදුකෙරෙන සතියකට දින පහක් රැකියාවේ යෙදවීම වෙනුවට, සතියකට දින හතරක්  පමණක් වැඩ කිරීමට තම සේවකයන්ට අවස්ථාව ලබා දෙන ලෙසයි.
 
ජපන් ජනතාවගේ රාජකාරි සහ පෞද්ගලික ජීවිතය අතර තුලනය වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් ගන්නා මූලික පියවරක් ලෙස, බොහෝ වෙහෙසී වැඩ කරන බවට ප්‍රසිද්ධ එරට වැටුප් ශ්‍රමිකයන්ට, සිය කාර්යාල පරිශ්‍ර තුළ ගත කරන කාල වේලාව අඩු කිරීම දිරිමත් කිරීමට මෙම  තීරණය ගෙන ඇත.
 
Screenshot 2021 06 28 at 19.24.41
 
 
පවුලක් ගොඩනගා ගැනීමට හෝ වැඩිහිටියන් රැකබලා ගැනීම ආදී කරුණු මත සේවයෙන් ඉවත් වීමට සිතා සිටින, දක්ෂ හා පළපුරුදු සේවකයන් සේවයේ රඳවා ගැනීමට, මෙම දින හතරක වැඩ සතියක් හදුන්වා දීමත් සමඟ, සමාගම් වලට හැකි වනු ඇතැයි, ජපන් රජය සඳහන් කරයි.
 
 
දින හතරක වැඩ සතියක් මඟින් වැඩි පිරිසකට අතිරේක අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට හෝ ඔවුන්ගේ නිත්‍ය රැකියාවට අමතරව තවත් රැකියාවක නිරත වීමට ද දිරිගැන්වීමක් ලැබෙනු ඇතැයි රජය වැඩිදුරටත් අවධාරණය කරයි.
 
මේ හරහා සෑම සතියකම අමතර නිවාඩු දිනයක් ලැබීම හේතුවෙන්, නිවසෙන් බැහැර වී විනෝදය හා විවේකය සදහා වියදම් කිරීමට එරට ජනතාවට දිරිගැන්වීමක් ලැබෙනු ඇති අතර එය රටේ ආර්ථික අභිවෘද්ධියට ද හේතු වනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වේ.
 
 එමෙන්ම තරුණ තරුණියන්ට මුණගැසීමට, විවාහ වීමට හා දරුවන් ලැබීමට මේ අනුව වැඩි කාලයක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
 
 එය ජපානයේ දිනෙන් දින නරක අතට හැරෙමින් පවතින, උපත් අනුපාතය පහත වැටීම, වයස්ගත ජන අනුපාතය ඉහල යාම සහ ජනගහනය අඩු වීම ආදී ගැටලු වලට යම් පමණක විසඳුමක් වෙතැයි ද එරට  රජය බලාපොරොත්තු වේ.
 
 
ea37abaee44602cbb0be456e82984379 
 
ජුන්කෝ ෂිගෙනෝ ව්‍යාපාර අධ්‍යයනය සහ භාෂා පිළිබඳ සිය උපාධිය සම්පූර්ණ කරමින් සිටින අතර, ඇයට ප්‍රධාන සමාගම් කිහිපයක රැකියා අවස්ථා ඉදිරිපත් වී තිබේ. නමුත් ඒ වෙනුවට ඇයගේ නිවසේ සිට සැළකියයුතු මට්ටමේ දුරකින් ඇති, කුඩා තොරතුරු තාක්‍ෂණ සමාගමක් තෝරාගෙන ඇත්තේ, එම සමාගමේ "දර්ශනය" වඩා සුදුසු යැයි ඇයට හැඟුණු බැවිනි.
 
 "මට පූර්ණ කාලීන තනතුරු ඉදිරිපත් කළ සමාගම් ගැන මම හුගක් හොයලා බැලුවා. හැම තැනකම දැනට වැඩ කරන සේවකයන් හතර පස් දෙනෙකු සමඟ කතා කිරීමටත් මම වගබලා ගත්තා" යැයි ඇය පැවසුවාය.
 
 "රැකියාවේ සහ පෞද්ගලික ජීවිතයේ සමබරතාවය ගැන මං ඇහුවම, එක් කාන්තාවක් අඩන්නට පටන් ගත්ත. ඒකෙන් මාව කම්පනයට පත්වුණා."
 
 අද තරුණයන්ට ඇති ලොකුම ගැටලුවක් වන්නේ වැටුප් නොගෙවන අතිකාල වන අතර, එය “සේවා අතිකාල” ලෙස හැඳින්වේ. ෂිගෙනෝ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සමාගම විසින් පොරොන්දු වී ඇත්තේ, ඇයට මසකට පැය 15කට වඩා කාලයක් කිසිසේත් අතිකාල රාජකාරි කිරීමට සිදු නොවන බවයි.
 
 ඇය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාකදී තවත් සමාගමක් පවසා ඇත්තේ, ඇය සෑම මසකම පැය 60 ක පමණ කාලයක් අතිකාල වැඩ කිරීමට සූදානම්ව සිටිය යුතු බවයි.
 
  
තරුණ සේවකයන්, අධික අතිකාල වැඩ හේතුවෙන් රෝගාතුර වීම් හෝ මානසික ආතතිය හේතුවෙන් සියදිවිනසා ගැනීම් ජපාන මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. 
 
 
"කරෝෂි" හෝ වැඩිපුර වැඩ කිරීමෙන් වන මරණ ලෙස හැඳින්වෙන මෙම අවස්ථාවන්හිදී, බොහෝ විට තීරණය කෙරෙනුයේ සේවකයන් මසකට පැය 100 කට වඩා වැඩි සේවා අතිකාල ප්‍රමාණයක්, මාස ගණනක් තිස්සේ කිරීමෙන් පසුව මානසිකව කඩා වැටී ඇති බවයි.
 
 "ඒක මට හරියන්නේ නෑ" ෂිගෙනෝ පැවසුවාය. "මම වැඩ කරන්න සහ අලුත් නිපුනතා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මගේ පවුලේ අය සහ මිතුරන් දැක බලා ගන්නයි, මගේ විනෝදාංශ වල යෙදෙන්නයි මට මං වෙනුවෙන්ම කියල කාලයක් තියෙන්නත් ඕනෙ. මට ඒක ඉතාම වැදගත්. ඒ නිසා මම මේ සමාගම තෝර ගත්තා. ”
 
 කෙසේ වෙතත්, රජයේ මෙම සැලසුම් වල යම් ගැටළු සහිත තැන් ඇති අතර, වසරකට ශ්‍රම බලකායට එකතු වන තරුණ පිරිස අඩු වී ඇති ජපානය, දැනටමත් ශ්‍රම හිඟයකට මුහුන දෙමින් සිටී.
Screenshot 2021 06 28 at 19.24.54
 
එසේම, සාම්ප්‍රදායික ප්‍රවේශයන් අතීතයේදී මෙන් ඵලදායී නොවන බවට පැහැදිලි සාක්ෂි තිබුණත්, පරම්පරා ගණනාවක් තිස්සේ සමාගම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති සමහර ආකල්ප ඉවත් කිරීමට කළමනාකරණය අදිමදි කරනු ඇතැයි යන්නද ගැටළුවකි.
 
 අනෙක් අතට, කෙටි වැඩ සතියක් පිළිබඳ අදහස සේවකයන්ට සිත් ඇදගන්නා සුළු බව පෙනෙනමුත්, වැටුප් අඩු කිරීම් සහ තම සමාගම වෙනුවෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම කැපවී නොමැති බවට එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ගැටුළුකාරී තත්වයකට පත්ව සිටිති.
 
 ෆුජිට්සු සමාගමේ ගෝලීය වෙළෙඳපොළ බුද්ධි ඒකකයේ ප්‍රතිපත්ති ආර්ථිකවිද්‍යා ප්‍රධානියා වන මාටින් ෂුල්ස් පෙන්වා දෙන්නේ, මෙහිදී මූලිකම කාරණය වන්නේ ඵලදායිතාව ඉහළ නැංවීම බවයි.
 
 
"ඵලදායී වීමට සතියට දින පහක්, රෑ වෙනකන් කාර්යාලයක ඉන්න ඕනෙ නැහැ කියල, සේවකයන් පසුගිය අවුරුද්ද පුරාවට පෙන්නල දුන්නා" මාටින් ෂුල්ස් පැවසිය.
 
 
"මේ වෙලාවේ තියෙන ලොකුම අවදානම තමා, සමහර සමාගම් නැවත පැරණි ක්‍රමයටම ගිහිල්ල, ඔවුන්ගේ සියලුම සේවකයන් දවස පුරා, සෑම දිනකම නැවත කාර්යාලයට පැමිණෙන ලෙස බල කිරීම" ඔහු තවදුරටත් පැවසීය. "එම වැරැද්ද නොකරන සමාගම් වල, ප්‍රතිඵලය දෙපැත්තටම ජයග්‍රහණයක්"
 
 කොරෝනා වසංගතය හේතුවෙන් දැනටමත් ජපාන සමාගම් තමන්ගේ ව්‍යාපාරයන් කටයුතු කරගෙන යන ආකාරයේ විශාල වෙනස්කම් සිදු කර ඇත. එනමුත් තවමත් සමාගම් බොහොමයක් ඉතාමත් අනම්‍ය හා ගතානුගතික ලෙස ක්‍රියාකරමින් සිටී.
 
 සෞඛ්‍ය අර්බුදය අවසන් වීමෙන් පසුව පවා නම්‍යශීලී වැඩකරන වේලාවන්, දුරස්ථව වැඩ කිරීම, අන්තර් සම්බන්ධතාවයන් වැඩි කිරීම වැනි වර්ධනයන් දිගටම පවත්වාගෙන යාම ප්‍රයෝජනවත් විය හැකි බවට කළමනාකාරීත්වයට ඒත්තු ගැන්වීමට මේ අනුව ජපාන රජය බලාපොරොත්තු වේ.
 
 
මුලාශ්‍රය :
 
 
 
 
 

THE LEADER TV 
ශවේන්ද්‍ර, විරසක රාජපක්ෂලා එකතු කළ හැටි ! 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්