වසරක කාලයක් තුලදී අත්අඩංගුවේ හා නඩු නැතිව සිදුවු මරණ විසි පහකට වැඩි ප්‍රමාණයක් සහ වධ හිංසා පැමිණවීම් තිහක් හඳුනාගෙන ඇති බව වධහිංසාවලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන එකමුතුවක් පවසයි.
"2020 අප්‍රේල් මස සිට 2021 අප්‍රේල් දක්වා කාලය තුළ අත්අඩංගුවේ පසුවෙද්දී හා නීතියට පරිබාහිර ක්‍රියාදාමයන් තුළ දී සිදුවු මරණ 27ක් හඳුනාගෙන ඇත."
 
වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව ඒ බව අනාවරණය කර ඇත්තේ ජුනි 26 වැනිදාට යෙදී තිබු වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
 
මෙම කාලය තුළ අවම වශයෙන් 30 ක තරම් වධහිංසා සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව හඳුනා ගත් බවත් එම  සාමූහිකය පවසයි.
 
 
 
''පොලීසිය විසින් වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට වඩාත් අනාරක්ෂිත බවක් දැනී තිබේ. '' - වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව
 
 
 
පසුගිය වසර තුළදී, කොවිඩ් - 19  වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත  අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවූ බව සිහිපත් කරන වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව අවධාරණය කරන්නේ  “රටතුළ ගැඹුරු අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතතාවයක් සහිත  මෙම සන්දර්භය තුළ, පොලීසිය විසින් වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට වඩාත් අනාරක්ෂිත බවක් දැනී තිබෙන” බවයි.
 
මෙවැනි  අභියෝගාත්මක කාලයකදී වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම දැඩි අවශ්‍යතාවයක් වන අතර වින්දිතයන් සහ එසේ වින්දිතයන් බවට පත්වීමේ අවදානමක් සහිත පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකිරීම මෙතෙක් පැවති ආණ්ඩුවල බලධාරීන්ගේ බරපතල අසාර්ථකත්වයක් බවටත් එම සාමුහිකය චෝදනා කරති.
 
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තා මගින් පැහැදිලි වන පරිදි වධහිංසා පැමිණවීම පද්ධතිමය ගැටළුවක් වන අතර, එය තුරන් කිරීම සඳහා රජයේ දැඩි කැපවීමක් අවශ්‍ය වේ; අර්ථවත් ක්‍රියාමාර්ග තුළින් එවන් කැපවීමක් නිදර්ශනය කිරීමට අනුප්‍රාප්තික රජයන් මෙතෙක් අපොහොසත් වී ඇත.‍"
 
 
 114685524 gettyimages 1072447940
නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම නොකඩවා පරිහානියට පත්ව ඇත.
 
 
නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම නොකඩවා පරිහානියට පත්ව ඇති බව පෙන්වා දෙන එම සාමුහිකය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ, අත්අඩංගුවේ පසුවන්නන්ට එරෙහි හිංසනය භාවිතා කිරීම ඇතුළුව ඝාතන, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන අතරතුර මරණයට පත්වීම්  වැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ පුරවැසියන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනු ඇතැයි තවදුරටත් අපේක්ෂා කළ නොහැකි බවයි.
 
ඒ වෙනුවට, ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බලධාරීන්ට ඔවුන් බිය වන බවයි වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය පවසන්නේ.
 
"නීතියේ ආධිපත්‍යය සඳහා වත්මන් රජය දක්වන ඇල් මැරුණු ස්වභාවය  පෙන්නුම් කරන්නේ බලගතු සහ වරප්‍රසාද ලත් අයවලුන් විසින් ආන්තිකභාවයට පත් වූවන්ට, ආණ්ඩුවේ විවේචකයන්ට සහ විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට හා වෙනස් කොට සැලකීමට එය සක්‍රීය කිරීමයි. "
 
මෙය පොලීසිය තුළ ක්‍රියාත්මක වන දඩුවම් නොලැබීමේ හැඟීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස භාරකාර හිංසනයන්හි ප්‍රමාණාත්මක වැඩිවීම ප්‍රදර්ශනය වන බව වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය පෙන්වා දෙයි.
 
 
“අඩු ආදායම්ලාභී, ජනවාර්ගික හා ආගමික සුළුතරයන් සහ සම-ලිංගික, මිශ්‍ර ලිංගික, සංක්‍රාන්තික ලිංගික හා අන්තර් ලිංගික ආදී  (LGBTIQ) පුද්ගලයන් වැනි දැනටමත් ආන්තික හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ අවදානමට ලක්ව ඇති” බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව අවධාරණය කරයි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වධහිංසාවට ගොදුරු වූවන්ට පලදායී පිළියම් නොමැති වීම උග්‍ර වීම හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි අධිකරණමය සහ අධීක්ෂණ ආයතනවල ස්වාධීනත්වයට දැඩි ලෙස හානි පමුණුවනු ඇති හෙයින් සිය සාමුහිකය මේ පිළිබද විශේෂයෙන් සැලකිලිමත් වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
"සඳුන් මාලිංගගේ වධහිංසා හා භාරකාර මරණය සම්බන්ධයෙන් 2021 මැයි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් වධහිංසා පැමිණවීම මෙන්ම තවදුරටත් දඩුවම් නොලබා සීටීම වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) වැනි ක්‍රියාධරයන් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ඉස්මතු කර තිබේ. "
 
මූලික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන පරිදි හැසිරවෙන  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීතිවල පැවැත්ම සහ ඇතැම් පාපොච්චාරණයන්  විවිධ බලපෑම්  යටතේ ලබා ගත් බව සනාථ කෙරෙන  විත්තිකරුට වගකීම පැවරීම, වධහිංසා පැමිණවීම ආදිය දැක්විය හැකි බවත් වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා සාමූහිකය පෙන්වා දෙයි.
 
 
 
අයාලේ යන්නන් පිළිබඳ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන 
 
"ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාවේ මෙය මනාව ලේඛනගත කර ඇත. සමලිංගික සම්බන්ධතා අපරාධකරණය කිරීම සඳහා වන අයාලේ යන්නන් පිළිබඳ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන වැනි වෙනත් නීති, දඩුවම් නොලබන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇතැම් සමාජ කණ්ඩායම් අපරාධකරණය කිරීමේ සංස්කෘතියකට දායක වේ."
 
වධහිංසා පමුණුවන්නන් අපරාධකරුවන් ලෙස දිගින් දිගටම දණ්ඩ මුක්තිය භුක්ති විඳීම මගින්, වධහිංසා චෝදනා ලැබූවන් පිළිබඳව විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අනුප්‍රාප්තික රජයන් අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන මෙම සාමුහිකය අවධාරණය කරන්නේ  භාරකාර හිංසනයන් දිගින් දිගටම නරක අතට හැරීම පිළිබද වත්මන් රජයේ වගකීම සහ එහි භූමිකාව නොසලකා සිටිය නොහැකි බවයි.
 
 
##########
 
THE LEADER TV 
ජනතාවට ඇත්ත කිව්වොත් බලාගෙනයි චීනා තගදායි 
 
 
 
 
ශවේන්ද්‍ර, විරසක රාජපක්ෂලා එකතු කළ හැටි ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්