මෙරට වාහන සදහා මාර්ග ධාවන යෝග්‍යතා පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවමින් යෝග්‍යතා සහතික නිකුත් කර සියලුම වාහන හිමියන්ගෙන්
අදාළ වාර්තාවට මුදල් අය කර ගැනීමේ යෝජනාවක් ප්‍රවාහන අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ප්‍රවාහන අමාත්‍යංශයේ අදාළ ඉල්ලීමකට අනුව මෙම සේවාව ඔස්සේ උපයා ගනු ලබන අදායමෙන් වියදම්  අඩු කිරීමෙන් පසු අදාල ආයෝජකයාට  සියයට 70ක් ද, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සියයට 20ක් ද, ඉතිරි සියයට 10 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද ලැබෙන පරිදි මෙම ව්‍යාපෘතිය සකස් කර ඇතැයි ද වාර්තාවේ.
 
අදාළ යෝජනාව ඉදිරිපත් කර මහා පරිමානයෙන් මුදල් ඉපයීමට සැලසුම් කර ඇති ආයෝජකයා අන් කවරකු නොව පසු ගිය මැතිවරණයේදී ජනාධිපතිවරයාට සහය පලකළ ඩිජිටල් මාධ්‍යට සම්බන්ධ සංගීත ශිල්පියෙකු බව පැවසේ.
 
කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තෙල් මිල ඉහළ යෑම නිසා ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළ කරමින් තිබින අවස්ථාවක  මෙවන් තවත් බද්ධක් ඔවුන් මත පැනවීම සුදුසු නොමැති බව ආණ්ඩුවේම මැති ඇමතිවරුන් විසින් පෙන්වා දී තිබේ.
 
 
 
එසේ තිබියදීත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඇතුළු පිරිස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.
 
ඒ අනුව සියලුම ලංගම ඩිපෝ සතු කාර්මික වැඩපොළවල් පළමු අදියරේ දී මෙම වැඩසටහනට යොදා ගැනීමටත් , දෙවැනි අදියරේ දී මෙම වැඩසටහන සදහා ලියාපදිංචි කර ගැනීමට බලාපොරොත්තුවන ඒ හා බී ශ්‍රේණියේ ගරාජ මගිනුත් ඉන්පසුව දැනට වායු විමෝචන සහතික නිකුත් කරන ආයතන සම්බන්ධ කර ගනිමින් ඒවා මාර්ගයෙන්ද  ධාවන යෝග්‍යතා පරීක්ෂණ වාර්තා නිකුත් කරන මධ්‍යස්ථාන බවට පත්කිරීමටත් නියමිතය.
 
පළමු අදියරේ දී ඩීසල් වාහන සඳහා පමණක් නව නීතිය ගෙන ඒමටත් ඉන් අනතුරුව සෙසු වාහන සඳහා ද මෙම වාර්තාව ලබා ගැනීම අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැළසුම් කර ඇත.
 
රට තුළ ටයර් හිඟයක් පවතින බවට පසුගිය දා වාර්තා වීම නිසා පොලිසිය මගින් ටයර් පරීක්ශාකර දඩ ගැසීම පවා නතරකල වාතාවරණයක් යටතෙත් පවතින වායු විමෝචන සහතිකය හෝ ලබා ගැනීමට වාහනයක් එම මධ්‍යස්ථානයට ගෙන ඒමට ආර්ථික ශක්තියක් නොමැති ජනතාව මත මෙවන්  බද්ධක් පැනවීම තෙල් මිලෙන් බිමට වැටුණු මිනිසාට මාර්ග ධාවන යෝග්‍යතා පරීක්ෂණ වාර්තාවෙන් ඇනීමක් වැනි ක්‍රියාවක් බව බොහෝ දෙනාගේ අදහසයි.
 
ඒ නිසා ආණ්ඩුවේ වගකිවයුත්තන් ජනතාව තව තවත් අපහසුතාවයට පත්කරන මෙවැනි යෝජනා ක්‍රියාවට නැංවීමට පෙර දෙවරක් සිතා බැලීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙමගින් ද අපවාද එල්ලවනු ඇතිබවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය.
 
 
 
##########
THE LEADER TV 
පීබීත් වලියට! ඇමතින්ට නටන්න දෙන්න බෑ....
 
ජනතාවට ඇත්ත කිව්වොත් බලාගෙනයි චීනා තගදායි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්