1200 x 80 DMirror
 
 

 අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම හා අත්අඩංගුවේදී මරණයට පත්වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත ලිපියක් යෙමු කරමින් වධහිංසාවලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන
එකමුතුවක් ඉල්ලා‌ තිබේ.
 
මේ වන විට රටේ පවතින වසංගත තත්වය හමුවේ මෙය දැඩි මානසික පිඩන සහ අවිනිශ්චිතතාවන්ගෙන් සපිරුණ කාලය පරිච්ඡේදයක් බව සදහන් කරන වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව අවධාරණය කරන්නේ හදිසි අවස්ථාන්හීදී මෙන්ම ජනතාව නීතිය කඩකරන අවස්ථාවන්හීදී වුවද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ නොවිය යුතු බවයි.
 
 
 
"මෙම මූලික අයිතිවාසිකම් ගොන්නට වද හිංසනය, ක්‍රෑරත්වය, අමානුෂික හා පුද්ගලයාගේ ආත්ම ගෞරවයට හානිවන ආකාරයේ දඩුවම් කිරීම්වලට පාත්‍ර නොවීම මෙන්ම, සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස යනාදියට පූර්ණ රැකවරණය සැපයීම ඇතුළත්වේ."
 
 
 
ආයතන දහනමයක අත්සනින් යුතුව ජුනි 29 අගහරුවාදා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත යොමු කළ ලිපිය මගින් ඔවුන් දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පවතින මෙම වසංගත තත්වය තුළ පොලිසිය විසින් ක්‍රියාකරන ආකාරය පිළිබඳව එම සංවිධාන දැඩි අවධානයෙන් පසු වන බවයි.
 
අත්තනෝමතික අයුරින් අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, අත් අඩංගුවේදී මරණයට පත්වීම් සහ සැකකරුවන් සමඟ සිදුවූ වෙඩි හුවමාරු වීම් වල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මරණ වැනි අත් අඩංගුවට ගැනීම් වලදී සිදුවූ අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා කිහිපයක් වෙත තම සංවිධානයේ අවධානය  යොමු වී ඇති බව වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි.
 
එම සංවිධානය පසුගිය සතියේ නිවේදනය කර තිබුනේ වසරක කාලයක් තුලදී අත්අඩංගුවේ හා නඩු නැතිව සිදුවු මරණ විසි හතක්  සහ වධ හිංසා පැමිණවීම් තිහක් හඳුනාගෙන ඇති බවයි.
 
 
image 5391bbc62b
 
 
 
 
 විශේෂයෙන්ම සෞඛ්‍ය හේතු මත ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම්වලට ලක්ව ඇති මෙවන් වසංගත තත්වයකදී  මෙවැනි සිදුවීම් මහජන උද්වේගය සහ නොසන්සුන්තා ඇති කිරීමට හේතු විය හැකි නමුත් එවන් අවස්ථාවකදී පොලිස් නිලධාරින් අනුයුක්ත කිරීම කෙතරම් බරපතල කාර්යයක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වූවත්, එය ව්‍යාවස්ථානුකූව ආරක්ෂා කර ඇති සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සාධාරණ හේතුවක් ලෙස කිසිසේත් සැලකිය නොහැකි බව වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
 
රජයේ නියෝග හා රෙගුලාසීන්වල පවතින අපැහැදිලිබාවය හේතුවෙන් මහජනතාව තම අත්‍යවශ්‍ය කළමනා මිලදී ගැනීම වැනි මූලික අවශ්‍යතා සපුරාගැනීමට යාමේදී පොලීසියේ තාඩන පීඩනවලට ලක්වන අවස්ථා වීඩියෝ දර්ශන මඟින් දැකගත හැකි බව එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
 
"පොලිසිය විසින් නීතිය කඩ කරන්නන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු වුවත්, එය අත්තනෝමතික හෝ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ සමාජ තත්ත්වයට හානි නොවන අයුරින් සාධාරණව හා අපක්ෂපාතීව සිදුවිය යුතුය. තවද, වසංගත තත්වය  හේතුකොට ගෙන ජනතාව විසින් අත්විඳින දැඩි ආර්ථික අපහසුතා පොලිසියේ ක්‍රියාකාරකම් මඟින් උත්සන්න නොවිය යුතුය."
 
 
 
 
නිදසුනක් ලෙස වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පෙන්වා දෙන්නේ  නිරෝධායන ක්‍රියාමාර්ග ජනතාව සිරගත කිරීම් හෝ දඩුවම්වලට ලක් කිරීම් සඳහා යොදා නොගෙන පැතිර යන වෛරස් රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ සුවිශේෂි අරමුණ උදෙසා යොදාගත යුතු බවයි.
 
 
2021 ජුනි 8 වන දින නිකුත් වූ පොලිස් මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන්ද වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ දැඩි අවධානයට යොමුව තිබේ.
 
"මන්ද එයට ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරවීම යන්නට මුවාවී විරෝධය පළ කිරීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩ පැවැත්විය හැකි බැවිනි. මෙය ඇප නොමැතිව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මුල්කොට ගෙන නීති ප්‍රතිපාදනයන්හී මනාව පැහැදිලි කර නොමැති ප්‍රතිපාදනවලට අවදානය යොමු කරයි."
 
වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව නැවත නැවතත් පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත්තේ, මානව හිමිකම් හෝ මහජනතාව පිළිබඳව වන ඕනෑම සීමා කිරීමක් හෝ තහනමක් නීතියෙන්ම පමණක් නියම නොකොට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට, සමානුපාතික හා කාලයට අනුකූල විය යුතු මෙන්ම වෙන් කොට නොසැලකිය යුතු බවයි.
 
රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීම, සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ දුර්වල සහ අසරණ ජනතාවට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කිරීමට මඟ පාදන බවයි වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසන්නේ.
 
"කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුම සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍යය උත්සවය වැනි සිද්ධීන් වලට සෞඛ්‍යය රෙගුලාසින් උල්ලංඝනය කරමින් පොලීසියේ සහභාගිත්වය ලබාදීම අත්තනෝමතිකව නීතිය පරිහරණයට උදාහරණ වශයෙන් ගත හැකිය."
 
 
 
පොලිසිය විසින් කාන්තාවන්ට නිවෙස් තුළදී සිදුවන හිංසනයන් පිළිබඳ පැමිණිලි භාර නොගැනීම සම්බන්ධ වූ වාර්තා ද තමන් වෙත ලැබී ඇති බව වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
 
 
 
"මෙය කාන්තාවන් විසින් අත්විඳින්න යෙදෙන හිංසනයන් හා සම්බන්ධිත වේ."
 
ශ්‍රී  ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති යසිරු කුරුවිටගේ මැතිව් සිද්ධියේදී මෙන් විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත භාවිතා වන විට රැඳවියන් හා පවුලේ සාමාජිකයන් අත් අඩංගුවටගැනීමේදී සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන නොතකා, සම්පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පළමුව අත් අඩංගුවට ගැනීම් සිදුවූ අවස්ථා ද ඇති බව වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පොලිස්පතිවරයාට මතක් කර දී තිබේ.
 
 
 
hzpolice031321a 
 
 
ඇප ලබාදීම සම්මතයක් මිස ව්‍යාතිරේකයන් නොවන බව පොලසිපතිවරයාගේ අවධානයට යොමු කරන වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව  වැඩි දුරටත් ඉල්ලා  ඇත්තේ නීතියේ අධ්‍යාත්මය හා අභිප්‍රාය අනුව යමින් පොලිස් ඇපය ලබාගත හැකි තැනින් එය ලබා දෙන ලෙස සහ චෝදනාව ඇප ලබාගත හැකි එකක් නම් ඇප ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙසයි.
 
"ඇප පනතේ සඳහන් පරිදි ව්‍යාතිරේකයන් අදාළ නොවේ."  
 
අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳව සැලකිල්ලට ගනිමින්, රැඳවියන් මුණ ගැසීමට හා ඔවුන් සමඟ විශ්වාස කටයුතු ලෙස පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයකින් තොරව තොරතුරු විමසීමට නීතිඥාවරුන්ට අවස්ථාව ලබාදීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට තම සංවිධාන සහාය පළ කරන බවත් වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
 
 
 නිර්දේශ :
 
 
ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ව්‍යාවස්ථානුකූලව සනාථ කරන ලද අයිතිවාසිකම් භුක්ති විදීමට භාවිතා කිරීමට හැකි බව තහවුරු කිරීම සඳහා  වධහිංසාවලට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව  විසින් පොලිසියට පහත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
 
 
#  ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ අදාළ නීතිවලට අනුකූලව කටයුතු කරමින් නීතිය අත්තනෝමතිකව හෝ වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීම,
 
 
#  අත් අඩංගුවේ සිටියදී වද හිංසනයට ලක්වීම පිළිබඳව කඩිනම් පරික්ෂණ පවත්වා එම පරික්ෂණවල ප්‍රතිඵල මහජන ප්‍රසිද්ධියට පත් කිරීම,
 
 
#  මහජනයා විසින් අයිතීන් උල්ලංඝනය වීම් පිළිබඳව කරනු ලබන පැමිණිලි, විශේෂයෙන් රජයේ නිලධාරින් විසින් කරනු ලබන මහජන අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි පොලිසිය විසින් භාර ගැනීම තහවුරු කිරීම,
 
 
#  ගෘහස්ථ හිංසනය ඇතුලුව ලිංගික හා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පොලිසිය විසින් කඩිනම්ව හා වෘත්තීයමය ආකාරයෙන් පිළිතුරු සැපයීම,
 
 
#  සෞඛ්‍යය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වැනි කොරෝනා වෛරසය ආශ්‍රීත ගැටලුවලට පිළිතුරු සැපයීමේදී ප්‍රජාව හා කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිසිය හට මාර්ගෝපදේශ ලබා දීම,
 
 
#  වහාම ක්‍රියාත්මකවන පරිදි සිදුවන නියමයන් (රෙගුලාසි) වෙනස්වීම් පිළිබඳව සිංහලෙන් සහ දෙමළෙන් යන භාෂා දෙකෙන්ම පැහැදිලි අයුරින් මහජනතාවට සන්නිවේදනය කිරීම,
 
 
#  පුරවැසියන්ට වසංගත තත්වය  හා සම්බන්ධ සීමාකිරීම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ක්ෂණික දුරකථන මාර්ගයක් පිහිටුවීම.
 
 
 
 
##########
THE LEADER TV 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 
නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 
 

subscribeYT

subscribeYT

නවතම පුවත්