ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ඉල්ලා අස්වීමට නියමිතව සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මර්ජාන් ට
ඉල්ලා අස්නොවන්නැයි අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
 බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්ට ඉල්ලා අස්වැන්නයි අගමැති කාර්යාලයේ ප්‍රධානියකු දැනුම් දී තිබිණ.
 
එහෙත්, අගමැතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී,  ඔහුට ඉල්ලා අස්නොවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
 
'' ඔබතුමා අස්වෙන්න එපා.. ඕනවෙලාවක අස්කරන්න බලාගෙන පක්ෂයෙන් 7 දෙනෙක් පත්කරලා තියනවා. එයින් කෙනෙක් අස්වේවි. ඔබතුමා පත්කළේ මම. අනෙක ඔබතුමා අස්කලොත් මුස්ලිම් මිනිස්සු බැසිල් එක්කත් වෛර බැඳගනිවී .. එනිසා අස්වෙන්න එපා'' යයි අගමැතිවරයා, මොහොමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රී වරයට පවසා ඇතැයි ඔහුගේ සමීපතම ඥාතියකු 'ද ලීඩර්' වෙත පැවසිය.
 
බිලියන ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෆලීල් මර්ජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙකු වන අතර ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම පිරිනමා ඇත්තේ කාලගුණ සැලකීමක් ලෙසය. 
 
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු පැවසුයේ,  බොහෝ කාලයකට සිට තමන්ට උදව් උපකාර කළ මුස්ලිම් ජාතිකයා ඉල්ලා අස්කර ගැනීමට අගමැතිවරයා මුලදී අකමැත්තක් පළකර ඇතත්, පාර්ලිමේන්තු කටයුතු වලදී ඔහුගේ දායකත්ව අවම තත්ත්වයක පවතින බව පැහැදිලි කිරීමටත් සමග අගමැතිවරයා ඊට එකඟත්වය පළකර ඇති බවයි.
 
එහෙත්, මොහොමඩ් ෆලීල් මර්ජාන් ගේ හිතවතුන් පවසන්නේ අගමැතිවරයා එවැනි  එකඟතාවයක් පළකර නොමැති බවයි. පොහොට්ටු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයකු  මෙලෙස ඉවත් කිරීමට දරන උත්සාහය ඉතාමත් නින්දා සහගත බව ඔවුන් පවසති.
 
 
මුදල් ඇමතිකම නොලැබෙන ලකුණු !
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ජුලි 08 දා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඔහු එදිනම ආර්ථික කටයුතු බාර ඇමතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ය.
 
අගමැති මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය චමල් රාජපක්ෂ යටතේ පවතින විෂයන් හා ආයතන ගනනාවක් බැසිල් රාජපක්ෂ වෙත පැවරීමට නියමිතව ඇතැයි ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමෙන් පැය 24ක් ඇතුලත දී ඉන්දන මිල යලි පහත දැමීමට කටයුතු කරන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ ප්‍රධානියකු පැවසිය. 
 
 
 
##########
THE LEADER TV 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 

නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්