ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු
ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරනලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව  දැනුම් දී ඇත. 
 
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදුකර ඇත්තේ, වරින් වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන් ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි.
 
එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතු යුතු වල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ.
 
මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි.
 
එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
 
fgfdgfgg 
 
 
පනත්වලට පටහැනියි : 'ස' නොමග යවලා 
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, ජනාධිපති ලේකම් වරයාගේ එම ලිපිය ඇමතිවරුන් සතු බලතල වලට අතපෙවීමක් බවයි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙන්ම පනත් වලට අනුව තමන්ගේ අමාත්‍යංශ වලට අදාල රාජ්‍ය ආයතනවල, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුසු පුද්ගලයින් පත්කිරීමේ බලය හිමිවන්නේ අමාත්‍යවරුන්ට බව පැවසු එම අමාත්‍යවරයා, ජනාධිපති ලේකම් වරයා දිගින් දිගටම ජනධිපතිවරයා නොමග යවමින් සිටින බවට චෝදනා කළේය.
 
'' ජනාධිපතිතුමා බලයට පත්වෙලා වත්මන් ආණ්ඩුව පත්වෙනතුරු ක්‍රියාත්මක වුන තාවකාලික ආණ්ඩුව කාලයේ රාජ්‍ය ආයතනවලට විද්වතුන් පත්කරන්න විද්වත් කමිටුවක් පත්කලා. එකෙන් තමයි සභාපතිවරු පත්කළේ. එත් මහ මැතිවරණයෙන් පස්සේ ස්ථිර ආණ්ඩුව පත්වුනාට පස්සේ ඇමතිවරුන්ගේ විෂය පථයට අතදාන්න ජනාධිපති ලේකම්ට බලයක් නැහැ.
 
 මේක විහිළුවක් අද අගමැතිතුමාට මුදල් අමාත්‍යංශයට අදාල ආයතනයට අධ්‍යක්ෂවරයෙක් පත්කරගන්න ජනාධිපති ලේකම් පස්සේ යන්න වෙලා. ඒ වුනාට එයාගේ යාලු මිත්‍රයෝ සේරම ජනාධිපතිතුමාට කියලා පත්කර ගන්නවා. එහෙම පත්වෙලා ආපු අය ඇමතිවරුන්ට පාට් දානවා'' අප වෙත මෙම තොරතුරු ලබාදුන් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
 
 
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට 
 
කෙසේවුවද, ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ ජගත් වික්‍රමසිංහ ඉවත් කිරීමේදී හා නව සභාපතිවරයා පත්කිරීමේදී මෙම නියෝග බලපා ඇති බවක් නම් පෙනෙන්නට නැත.
 
එසේම දැනට සිටින සභාපතිවරයා ඉවත් කොට හඩ්සන් සමරසිංහ පත් කරන්න යන්නේ මොන චක්‍රලේඛයට අනුව දැයි කියන කාරණයද ජනාධිපති ලේකම්වරයා විසින් පැහැදිලි කර නොමැත.
 
වරාය අධිකාරියේ සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරීවරයා හිටි අඩියේ අස්කළේ ඇමැති ද ජනාධිපති ද කියන කාරණය ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ප්‍රශ්නයක් වී තිබේ.
 
පෝර්ට් සිටි පනත හදන කමිටුවේ පී.බී. ගේ හිතවතුන් පත් කලෙත් මේ විදිවිධාන අනුවමද?
 
'ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට' ඇතැම් ඇමතිවරු  පී. බී. ට කියන්නේ එහෙමය. 
 

 
THE LEADER TV 
##########
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 

  

නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 

  202

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්